Last Update  :  2025-07-23 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් ක්‍රීඩාව රජයේ බලපෑමෙන් මිදිය යුතුයි

ක්‍රිකට් ක්‍රීඩාව රජයේ බලපෑමෙන් මිදිය යුතුයි

editorial - 2022 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය, පාකිස්තානු රජයේ බලපෑමෙන් මිදී, සම්පූර්ණයෙන්ම ස්වාධීන ආයතනයක් විය යුතු බව පාකිස්තානයේ හිටපු නායක සහීඩ් අෆ්රීඩි කියයි. 

“මා හිතන්නේ පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය, රජයේ බලපෑමෙන් මිදී, සම්පූර්ණයෙන්ම ස්වාධීන ආයතනයක් විය යුතුව තිබෙනවා....”

“එහි සභාපතිවරයා විතරක් නෙමේ ප්‍රධාන විධායක නිලධාරියා පත්කිරීමත් පාකිස්තානු රජයේ කාර්යයක් වෙන්න ඕනේ නෑ. පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයට පුළුවන් එයාලගේ කටයුතු කරගන්න” යයි සහීඩ් අෆ්රීඩි උත්සවයකදී කියා තිබේ. 

ඔහු මෙම අදහස් පළකර ඇත්තේ පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ වත්මන් ප්‍රධානියා වන රමීස් රාජා මහතාගේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයක තිබියදීය. රමීස් රාජා මහතා එම තනතුරට පත්කරන ලද්දේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහතා විසිනි. එහෙත් පසුගියදා පාකිස්තානු පාර්ලිමේන්තුවේ ඇතිවූ විශ්වාසභංග යෝජනාවක් පරාජය වීම හේතුවෙන් අගමැති තනතුරෙන් ඉවත් කරන ලදි. 

රමීස් රාජා මහතා පාකිස්තානු ක්‍රිකට් පිලේ හිටපු නායකයකු ද වන අතර ඉම්රාන් ඛාන්ගේ නායකත්වය යටතේ 1992 දී ලෝක කුසලන දිනාගත් පාකිස්තානු පිලේ සාමාජිකයෙකි. ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව ක්‍රිකට් විස්තර විචාරයට එක්වූ රමීස් රාජා මහතා ලෝකය පිළිගත් ක්‍රිකට් විස්තර විචාරකයෙකි. එහෙත් දැනට පවතින අවිනිශ්චිතතාව වන්නේ නව අගමැති ශබාස් ශරීෆ්ගේ තේරීම අනුව වෙනත් සභාපතිවරයකු පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයට පත්වනු ඇති බවයි. 

පාකිස්තානු අගමැතිවරයා නිල බලයෙන් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුශාසකවරයාද වෙයි. ඔහු හෝ ඇය විසින් නම්කරනු ලබන පුද්ගලයක් දෙදෙනකුගෙන් අයෙක් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් ඡන්දයෙන් තෝරා පත්කරගත හැකිය. 

එහෙත සහීඩ් අෆ්රීඩි කියන්නේ එවන් ක්‍රමයකින් පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩාවට කිසිම ස්ථාවරත්වයක් නොලැබෙන බැවින්, මෙම ක්‍රමවේදය නවත්වා දැමිය යුතු බවයි. නව සභාපතිවරයකු පත්වන සෑම අවස්ථාවකදීම ඔහු විසින් තමන්ගේ මතවාදය සහ ක්‍රමය පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩාවට ගෙන එනු ලබයි. 

“පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩාව හැමදාම ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ මේ හින්දා තමයි” යයි ද දහිටපු නායකයා කියයි. 

-213


අදහස් (0)

ක්‍රිකට් ක්‍රීඩාව රජයේ බලපෑමෙන් මිදිය යුතුයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.