Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කළණ - කෙවින් තෝමසුවන්ට ජයගෙනෙති

කළණ - කෙවින් තෝමසුවන්ට ජයගෙනෙති

රොෂාන් ගුණරත්න - 2017 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී මොරටු විද්‍යාලයට එරෙහිව ලකුණු 68 ක ජයක් හිමිකර ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල ඊයේ (24 වැනිදා) සමත්විය. මෙම තරගය මොරටු විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් කළණ පෙරේරා ලකුණු 22 කට කඩුලු 5 ක් සහ කෙවින් ඊරියගම ලකුණු 08 කට කඩලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


තරගය ඕවර 45 කට සීමාවිය.

 

සා. තෝමස් විදුහල - ඕවර 30.1 කදී සියලුදෙනා දැවී 127
(කළණ පෙරේරා 28, සිතාර හපුයින්න 24, නිරාජ් කෞෂික 24/3, විනුර පීරීස් 20/2)


මොරටු විද්‍යාලය - ඕවර 11.1 කදී සියලුදෙනා දැවී 59
(නදිත් මිෂේන්ද්‍ර 29, කළණ පෙරේරා 22/5, කෙවින් ඊරියගම 08/3)


අදහස් (0)

කළණ - කෙවින් තෝමසුවන්ට ජයගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.