Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කණ්ඩායම නම්කිරීමෙන් පසු ඇෆ්ඝනිස්තානු නායකයා ඉවත්වෙයි

කණ්ඩායම නම්කිරීමෙන් පසු ඇෆ්ඝනිස්තානු නායකයා ඉවත්වෙයි

editorial - 2021 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයි.සී.සී විස්සයි20 ලෝක කුසලානය සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත ඇෆ්ගනිස්ථාන සංචිතය නම් කිරීමෙන් සුළු වෙලාවකට පසුව නායක රෂීඩ් ඛාන් සිය තනතුරෙන් ඉවත්වී ඇත. ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස රෂීඩ් ඛාන් සිය තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසුව, තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබි, නායකත්වයට පත්කිරීමට එරට ක්‍රීකට් මණ්ඩලය තීරණය කරනු ලැබීය.

සංචිතය ප්‍රකාශයට පත් කිරීමට පෙර ඔහුගේ ”කැමැත්ත” ලබා නොගත් බව ප්‍රකාශ කිරීමෙන් පසු රෂීඩ් ඛාන් නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළේය. රෂීඩ් ඛාන් විස්සයි20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අතරේ 03 වැනි ස්ථානයේ සිටී.

“ජාතියේ නායකයා සහ වගකිව යුතු පුද්ගලයා වශයෙන්, කණ්ඩායම තෝරා ගැනීමේ කොටසක් වීමේ අයිතිය මා සතුයි. මාධ්‍ය මඟින් ප්‍රකාශයට පත් කර ඇති කණ්ඩායම සඳහා තේරීම් කමිටුව සහ ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් මණ්ඩලය මගේ කැමැත්ත ලබාගෙන නෑ”

“එබැවින් ඇෆ්ගනිස්ථාන විස්සයි20 කණ්ඩායමේ නායකත්වයෙන් වහාම ඉවත් වීමට මම තීරණය කළා. ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ක්‍රීඩා කිරීම සැමවිටම මට ආඩම්බරයක්” යැයි රෂීඩ් ඛාන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය.

“මෙම තීරණාත්මක අවධියේදී, විස්සයි20 ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවීම සඳහා මා පත්කිරීමට ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් මණ්ඩලය ගත් තීරණය මම අගය කරනවා. අපි එක්ව එළඹෙන විස්සයි20 ලෝක කුසලානයේදී හොඳ දෙයක් කිරීමට බලාපොරොත්තු වෙනවා” නායකත්වයට පත්වීමෙන් පසු මොහොමඩ් නබී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.

විවිධ හේතුන් මත වසර 3 කට පෙර කණ්ඩායමෙන් ඉවත් කළ ප්‍රවේගකාරී පිතිකරුවකු මෙන්ම කඩුලු රකින්නකු වන මොහොමඩ් ශෙසාඩ්ද විස්සයි20 ලෝක කුසලාන සංචිතයට නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ඇෆ්ඝනිස්ථානය මේ වන විටත් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රධාන කොටසට සුදුසුකම් ලබා සිටින කණ්ඩායමකි. ඉන්දියාව, නවසීලන්තය සහ පාකිස්තානය යන කණ්ඩායම් 3 සහ ‘ඒ’ කාණ්ඩයෙන් දෙවැනි ස්ථානය පත්වන කණ්ඩායම සමගින්ද තරග වැදීමට ඇෆ්ඝනිස්තානට සිදුවනු ඇත.

මේ වන විට ටෙස්ට් තත්ත්වයත් හිමිකරගෙන සිටින ඇෆ්ඝනිස්ථානය, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට  එරෙහිව විස්සයි20 ජාත්‍යන්තර තරග තුනක් ජයග්‍රහණය කර ඇත.


ඇෆ්ඝනිස්තාන සංචිතය:
මොහොමඩ් නබි (නායක), රෂීඞ් ඛාන්, රහ්මනුල්ලා ගුර්බාස්, හස්රතුල්ලා ශසායි, උස්මාන් ඝානි, අස්ගර් ඇෆ්ගන්, නජිබුල්ලා සද්‍රාන්, හෂ්මතුල්ලා ෂහිදි, මොහොමඩ් ෂසාඩ්, මුජීබ් උර් රහ්මාන්, කරීම් ජනාත්, ගුල්බදීන් නයිබ්, නවීන් උල් හක්, හමීඩ් හසන්, ශරෆුඩීන් අෂ්රෆ්, දවලත් සද්‍රාන්, ෂාපූර් සද්‍රාන් සහ කයිස් අහමඩ්.

අතිරේක ක්‍රීඩකයෝ :
අෆ්සාර් සසායි, ෆරීඩ් අහමඩ් මලික්

 

- 2079


අදහස් (0)

කණ්ඩායම නම්කිරීමෙන් පසු ඇෆ්ඝනිස්තානු නායකයා ඉවත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.