Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ශ‍්‍රී ලංකා පිල සහ එංගලන්ත පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගය අද (20) ලීඞ්ස්හිදී ආරම්භ වේ. තරගය එංගලන්ත වේලාවෙන් පෙරවරු 10.00 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිතය.
ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම නිසා තරගාවලියේ තීරණයක් ලැබීමට නම් අද ඇරඹෙන තරගයේ විසඳුමක් ලැබිය යුතුය. මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේ කඩුලූ රකින්නා ලෙස දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට එක්වීමට ඉඩ ඇති බව එංගලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් කියැවේ.
දිනේෂ් චන්දිමාල් මේ වන විට ටෙස්ට් තරග 12 කදී සාමාන්‍ය 51.47 ක් රඳවා ගනිමින් ලකුණු 875 ක් රැස්කර ඇති අතර එයට ශතක තුනක් සහ අර්ධ ශතක 5 ක් ඇතුළත් වේ.
පළමු තරගයට ක‍්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලේ නිත්‍ය කඩුලූ රකින්නා වන ප‍්‍රසන්න ජයවර්ධන ආබාධයකට ලක්වීම නිසා ශී‍්‍ර ලංකා සංචිතයට කිත්රුවන් විතානගේ කැදවා තිබේ.
ශ්‍රී ලංකා පිල මෙම තරගයේදී ද පිතිකරුවන් හත් දෙනකු සහ නිත්‍ය වේග පන්දු යවන්නන් තිදෙනකු සමග කී‍්‍රඩා කිරිමට සූදානමින් සිටියි. නායක ඇන්ජලෝ මැතිව්ස් ද සමගින් පළමු තරගයේ මෙන්ම ශ්‍රී ලංකා පිලට වේග පන්දු යවන්නන් සිවුදෙනකු ඇතුළත් වීමට බොහෝ දුරට ඉඩ තිබේ.
මෙම තරගයේදී ද එංගලන්ත පිල පළමු තරගයට ක‍්‍රීඩා කළ 11 දෙනා සමගින් පිවිසීමට නියමිතය. මෙම තරගය එංගලන්ත ජ්‍යෙෂ්ඨ පිතිකරු ඉයන් බෙල්ගේ 100 වැනි ටෙස්ට් තරගය වීම කැපී පෙනේ.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උප නායක), කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, කෞෂාල් සිල්වා, දිනේෂ් චන්දිමාල්, කිත්රුවන් විතානගේ, දිමුත් කරුණාරත්න, ඩිල්රුවන් පෙරේරා, ධම්මික ප‍්‍රසාද්, නුවන් කුලසේකර, ශාමින්ද එරංග, නුවන් ප‍්‍රදීප්, රංගන හේරත්, චානක වෙලගෙදර
එංගලන්ත ටෙස්ට් සංචිතය:
ඇලිස්ටෙයාර් කුක් (නායක), මුයින් අලී, ජේම්ස් ඇන්ඩසන්, ගැරී බැලන්ස්, ඉයන් බෙල්, ස්ටුවට් බ්‍රෝඞ්, කි‍්‍රස් ජෝර්ඞ්න්, ලයාම් ප්ලන්කට්, මැතිව් ප‍්‍රයර්, සෑම් රොබ්සන්, ජෝ රූට්, කි‍්‍රස් වෝක්ස්
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.