Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියාවත් - එංගලන්තයත් පාකිස්තානයේ  සංචාරය කළ යුතුයි

ඕස්ට්‍රේලියාවත් - එංගලන්තයත් පාකිස්තානයේ  සංචාරය කළ යුතුයි

editorial - 2020 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

 

 

 

දකුණු ආසියානු රටවල් තුළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට නිරන්තරයෙන් පහසුකම් සැලසීම සඳහා එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවපාකිස්තානයේ සංචාරය කළ යුතු බව මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ (එම්.සී.සී.) සභාපති කුමාර් සංගක්කාර මහතා පවසයි.

2009 වසරේදී ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායම රැගත් බස් රථයකට එල්ල වූ ප්‍රහාරයෙන් ක්‍රීඩකයින් හය දෙනෙකු තුවාල ලැබූ අතර පොලිස් නිලධාරීන් හය දෙනෙකු ඇතුළු පාකිස්තානුවන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ ක්‍රීඩකයන් අතර කුමාර් සංගක්කාර මහතාද සිටියේය.

මෙම වසරේ පෙබරවාරි මාසයේදී එම්.සී.සී. කණ්ඩායමක් සමඟ සංගක්කාර මහතා පාකිස්තානයට ආපසු ගිය නමුත් ආසියාවෙන් එපිට අන්තර්ජාතික මට්ටමේ කණ්ඩායම් ආරක්ෂක  තත්වය හේතුවෙන් එහි යෑමෙන් වැලකී සිටියහ.
 
“ආසියානු කණ්ඩායමක් නැත්නම් දෙවැනි පෙළේ සිටින කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරය කිරීමෙන් ඇති වැදගත්කමක් නෑ....”
“එංගලන්තය හෝ ඕස්ට්‍රේලියාවවිතරක් නෙමේ දකුණු අප්‍රිකාව පවා, ආරක්ෂාව සහතික කළ විට එහි සංචාරය කිරීමට මනස සකස් කර ගැනීම වැදගත් යැයි මම හිතනවා. එම්.සී.සී. චාරිකාව ඊට පුරෝගාමි එකක් වනු ඇති” යයි ‘ස්කයි ස්පෝර්ස්ට්ස්’ ක්‍රිකට් නාලිකාව සමග කළ වැඩසටහනකදී සංගක්කාර මහතා පැවසීය.

වසර 11 කට ඉහතදී සිදුවූ ලාහෝර් ප්‍රහාරයෙන් පසුව පසුගිය දෙසැම්බර් මාසයේදී කරච්චි නුවරදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරගයක් පැවැත්විණ. පසුව බංග්ලාදේශය ද පෙබරවාරි මාසයේ රාවල්පින්ඩි හිදී ටෙස්ට් තරගයකට සහභාගි විය. කොවිඞ්-19 වසංගතය හේතුවෙන් මාර්තු මාසයේ පැවැත්වීමට තිබූ අවසන් අදියර අත්හිටවනු ලැබුවද බංග්ලාදේශය ඔවුන්ගේ සංචාරය කොටස් තුනකට බෙදා තිබුණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ලකුණු 28,000 කට වඩා ලබා ඇති සංගක්කාර මහතා පවසන්නේ පාකිස්තානයේ දීර්ඝ සංචාරයක නිරත වීම සඳහා තවමත් කල් වැඩි බවයි.

“තරග පහක ටෙස්ට් තරගාවලියක් සහ එක්දින තරග 5 ක තරගමාලාවක් එක දිගට නුදුරු අනාගතයේ දී පාකිස්තානයේදී පැවැත්වෙනු ඇතැයි කියලා මම හිතන්නේ නෑ.... ඒත් මම හිතන්නේ ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කර විවේකයක් ගතයුතු බවයි. ඉන් පසුව නැවත ගොස් තරග තුනක එක්දින තරගාවලියක් ක්‍රීඩා කිරීම සුදුසුයි” යැයි සංගක්කාර මහතා පැවසීය.
 
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ආරාධනාව අනුව, වසර 2023 සිට 2031 දක්වා අන්තර්ජාතික ක්‍රිකට් චක්‍රයේදී ගෝලීය තරගාවලියක් සංවිධානය කිරීමට අයැදුම් කිරීම සඳහා පාකිස්තානය ඉදිරිපත් වී තිබේ.

- 2079 

 


අදහස් (2)

ඕස්ට්‍රේලියාවත් - එංගලන්තයත් පාකිස්තානයේ  සංචාරය කළ යුතුයි
  • Sk Sunday, 10 May 2020 11:54 AM

    මෙය ලංකාවද කියලත් දැන් මතක නැහැ අපිට...

    Reply 0       0

    dilan Sunday, 10 May 2020 05:27 PM

    පිළිකා කාරක කන බොන දේවල් සල්ලි කෑදරකමට ප්‍රචාරය කරන ගමන්ම පිළිකා රෝහල් සඳහා ජනතාවගෙන් මුදල් එකතුකරන අපූරු ක්‍රිකට් ක්‍රීඩකයා..

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.