
ටෙස්ට් පිතිකරු නේදන් මැක්ස්වීනි (94) මෙන්ම මැද පෙළ පිතිකරුවන් වන ලයාම් ස්කොට් (94), ජෝ පිලිප්ස් (85) සහ මිචෙල් පෙරී (66) තිදෙනාගේ දස්කම් මත සිටගත් ඕස්ට්‍රේලියානු ‘ඒ’ ක්‍රීඩකයෝ ඩාර්වින් නුවරදී පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් තරගයේදී සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පීඩනයට නතුකරගෙන සිටිති. සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 486 ක් ලබාගත් ඕස්ට්‍රේලියානු ‘ඒ’ ක්‍රීඩකයෝ, තරගයේ තුන්වැනි දිනය වන අද (15 වැනිදා) සවස ක්‍රීඩාව නිමාවීමට පෙර ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ කඩුල්ලක් ලකුණු 24 ක් ඇතුළත බිම දැමූහ.
ඩාර්වින් නුවර මාරාරා ඕවල් පිටියේදී පැවැත්වෙන මෙම තරගය අද සවස නතර කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 49 ක් ලබාගෙන සිටියද, අතර ඕස්ට්‍රේලියානුවෝ ලකුණු 165 ක් ඉදිරියෙන් සිටිති.
ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 කට ලකුණු 241 ක් ලබා සිටියදී තරගයේ තුන්වැනි දිනය ආරම්භ වූයේ යැවුණු පළමු පන්දුවෙන්ම නේදන් මැක්ස්වීනි දැවී යාමෙනි. එහෙත් පිතිකරු ලයිස්තුවේ අංක 6, 7 සහ 8 පිතිකරුවන් තිදෙනාම අර්ධ ශතක ලබාගත් හෙයින් මුල් ඉනිමේදී තර්ජනාත්මක ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමට ඕස්ට්‍රේලියානුවෝ සමත් වූහ.
මෙම පිතිකරුවන් තිදෙනාගේ සාර්ථකත්වය නිසා ඕස්ට්‍රේලියානු ‘ඒ’ ලකුණු පුවරුව වරෙක කඩුලු 7 ට 457 ක් ලෙසින් දිස්වූවත් අවසානයේදී ඕස්ට්‍රේලියානුවෝ ලකුණු 486 කට දැවී ගියේ ලකුණු 214 ක මුල් ඉනිමේ වාසියක් අත්කර ගනිමිනි. ශ්‍රී ලංකා ‘ඒ පිල වෙනුවෙන් ශතකයක් ලබාගත් සොනාල් දිනූෂ සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 97 කට කඩුලු 4 ක් දවාගත්තේය.
ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිමේදී තරමක් ඉක්මන් ආරම්භයක් ලබාගත් ළහිරු උදාර, මිචෙල් පෙරීගේ පළමු පන්දු 5 න් ලකුණු 12 ක් උදුරාගත් නමුත් ඕවර දෙකකට පසුව ගැසූ පුල් පහරක් වැරදී යාමෙන් දැවී ගියේය. තරගයේ අවසන් දිනය පමණක් ඉතිරිව තිබෙන බැවින් පරාජයෙන් ගැලවීමට නම් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම හෙට දිනය තුළදී සිය කඩුලු 9 ආරක්‍ෂා කරගත යුතුව තිබේ.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම - පළමු ඉනිම 272 යි
(කමිල් මිෂාර 12, නුවනිඳු ප්‍රනාන්දු 34, පසිඳු සූරියබණ්ඩාර 20, සොනාල් දිනූෂ නොදැවී 105, විෂාද් රන්දික 27, ඉසිත විජේසුන්දර 33, ලයාම් ස්කොට් 27/2, හෙන්රි තෝටන් 31/2, නේතන් මැක්ස්වීනි 51/2)
ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායම - පළමු ඉනිම 486 යි
(කැම්බෙල් කෙලවේ 13, ජේක් වෙදරල්ඩ් 54, නේතන් මැක්ස්වීනි 94, කරටිස් පැටර්සන් 19, ලයාම් ස්කොට් 94, ජෝ පිලිප්ස් 85, මිචෙල් පෙරී 61, සැන්ඩන් ජේ 27, ලුවී ස්මිත් 15, නිශාන් පීරිස් 137/2, ප්‍රමෝද් මධුෂාන් 82/3, සොනාල් දිනූෂ 97/4)
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම - දෙවැනි ඉනිම කඩුලු 1 ට 49 යි
(ළහිරු උදාර 17, කමිල් මිෂාර නොදැවී 26)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.