Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රෂෙල් හේන්ස් (130) සහ මේගන් ලැනින් (86) දෙදෙනාගේ විශිෂ්ට සම්බන්ධතාව නිසා ලකුණු 300 සීමාව පසුකර ගිය ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ නවසීලන්තයේ හැමිල්ටන් නුවරදී අද (5 වැනිදා) පැවැති කාන්තා ලෝක කුසලාන තරගයකදී එංගලන්තය ලකුණු 12 කින් පරාජය කළහ. එංගලන්තය, අවසන් වරට පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමයි.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 196 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ හේන්ස් සහ ලැනින් දෙදෙනා, අභියෝගාත්මක ඉලක්කයක් එංගලන්ත ක්‍රීඩිකාවන් වෙත වීසි කළහ. ඉතාමත් ධෛර්ය සම්පන්න ලෙසින් ඉලක්කය කරා ගිය එංගලන්ත ක්‍රීඩිකාවන් ලකුණු 12 ක් මෑතින් නතර වූවද පන්දු 85 කින් ලකුණු 109 ක් ලබාගත් නැතලි ෂීවර් අගනා ඉනිමක් ක්‍රීඩා කළාය.
ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා රෂෙල් හේන්ස් කීවේ ලකුණු 300 ක් ලබාගැනීම තමන් පවා අපේක්‍ෂා නොකළ බවයි.
“මුලදී අපි හිතුවේ ලකුණු 260 ක් - 270 ක් විතර ලබාගන්න පුළුවන් නම් හොඳයි කියලයි. ඒත් අපි දෙන්නාම පිටියේ හිටිය නිසා අපි ඒකට උත්සාහ කරලා බැලුවා” යයි හේන්ස් කීවාය.
එංගලන්ත නායිකා හෙදර් නයිට් කීවේ, තරගය පරාජය වූවත්, තම ක්‍රීඩිකාවන්ගේ උත්සාහය ඉදිරියේ එන තරග සඳහා කදිම දිරිගැන්වීමක් බවයි.
ඕස්ට්‍රේලියානු ඉනිමේ 9 වැනි ඕවරයේදීම ඇලිසා හීලි (ඉයන් හීලිගේ දියණිය) දවාගත් එංගලන්ත ක්‍රීඩිකාවෝ තරගයේ ග්‍රහණය ලබාගැනීමට උත්සාහ කළහ. එහෙත් පන්දු 131 කින් ලකුණු 130 ක් ලබාගත් රෂෙල් හේන්ස් සහ මෙග් ලැනින්ගේ පිතිහරඹය නිසා එංගලන්ත සැලසුම් අවුල් වී ගියේය.
25 වැනි ඕවරය නිමාවේදී ඕස්ට්‍රේලියානු පිල ලබා සිටියේ ලකුණු 102 ක් පමණි. එහෙත් එතැන් සිට ගෙවුණු ඕවර 25 දී ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට ලකුණු 208 ක් එක්විය.
ටැමී බ්‍යුමන්ට් (74) සහ හෙදර් නයිට් (40) එංගලන්ත පිලේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 91 ක් එකතු කළායින් පසුව පැමිණි නැතලි ෂීවර් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නියන්ට එළව එළවා පහර දුන්නාය. එහෙත් තරගය ජයගැනීම සඳහා එංගලන්ත ක්‍රීඩිකාවන්ගේ අභියෝගය වූ අවසන් ඕවර 3 දී ලකුණු 36 ක් ලබාගැනීම අපහසු එකක් විය.
ඕස්ට්‍රේලියාව - ඕවර 50 කදී කඩුලු 3 ට 310 යි
(රෂෙල් හේන්ස් 130, ඇලිසා හීලි 28, මෙග් ලැනින් 86, බෙත් මූනි නොදැවී 27, එලිස් පෙරී නොදැවී 14, නැතලි ෂීවර් 68/2)
එංගලන්තය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 298 යි
(ටැමී බ්‍යුමන්ට් 74, හෙදර් නයිට් 40, නැතලී ෂීවර් 109, සොෆියා ඩන්ක්ලි 28, කැත්රීන් බ්‍රන්ට් 25, ජෙසිකා ජොනසන් 18/2, තාලියා මැග්‍රාත් 51/2, අලානා කිං 59/3)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.