දකුණු අප්‍රිකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් ඔටිස් ගිබ්සන් මහතා පත්කර ඇත. හිටපු බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන්නකු වන ගිබ්සන් මහතා එංගලන්ත කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු වශයෙන් දැනට කටයුතු කරන අතර බටහිර ඉන්දීය කොදෙව් පිල සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව ඔහු එංගලන්ත කණ්ඩායමෙන් ඉවත්ව දකුණු අප්‍රිකාව බලා පිටත්ව යනු ඇත.
2010 සිට 2014 දක්වා බටහිර ඉන්දීය කොදෙව් පිලේ පුහුණුකරු වශයෙන් කටයුත කළ ගිබ්සන් මහතා 2012 දී විස්සයි20 ලෝක කුසලාන දිනාගැනීමට ඔවුන්ට සහයවිය.
පසුගිය වසර හතර පුරා දකුණු අප්‍රිකා කණ්ඩායමේ පුහුණුකරු තනතුර දැරූ රසල් ඩොමින්ගෝ මහතා ඉන් ඉවත්ව දකුණු අප්‍රිකා ‘ඒ’ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාරගනු ඇත. විස්සයි20 ග්ලෝබල් ලීග් තරගාවලියේ ප්‍රිටෝරියා මාවරික්ස් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන්ද ඩොමින්ගෝ මහතා පත්කර ඇත.
දකුණු අප්‍රිකාවේ දේශීය තරග සදහා ක්‍රීඩකයකු වශයෙන් එක්වී ඇති ගිබ්සන් මහතා දෙවරත් එංගලන්ත කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු වශයෙන් කටයුතු කර ඇත. පළමු 2007 වසරේදී එංගලන්ත කණ්ඩායම සදහා එක්වූ ගිබ්සන් මහතා 2010 වනතෙක් එම ධූරයේ රැඳී සිටි අතර නැවතත් 2015 වසරේදී එංගලන්ත කණ්ඩායම සමගින් එක්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.