Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එල්.බී. ෆිනෑන්ස්ට ලකුණු 10 ක ජයක්

එල්.බී. ෆිනෑන්ස්ට ලකුණු 10 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී ඩිමෝ ලංකා ‘ඒ’ කණ්ඩායම පරදවා ලකුණු 10 ක ජයක් අත්කර ගැනීමට එල්.බී. ෆිනෑන්ස් කණ්ඩායම ඊයේ (20 වැනිදා) සමත්විය. මෙම තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

එල්.බී. ෆිනෑන්ස් කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ ඇන්ජලෝ පෙරේරා (73) සහ ප්‍රියමාල් පෙරේරා (66) අර්ධ ශතක ලබාගත් අතර ශිරාන් ප්‍රනාන්දු ලකුණු 52 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත්විය.

ඩිමෝ ලංකා කණ්ඩායම වෙනුවෙන් සම්මු අශාන් (87) අර්ධ ශතකයක් ලබාගත් අතර තීක්ෂිල ද සිල්වා ලකුණු 43 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත්විය.


එල්.බී. ෆිනෑන්ස් - ඕවර 49.5 කදී සියලුදෙනා දැවී ලකුණු 280
(ඇන්ජලෝ පෙරේරා 73, ප්‍රියමාල් පෙරේරා 66, යෂාන් සමරසිංහ 21, තීක්ෂිල ද සිල්වා 43/4, නිසල තාරක 50/2, රමේෂ් මෙන්ඩිස් 68/3)

ඩිමෝ ලංකා - ඕවර 48.1 කදී සියලුදෙනා දැවී ලකුණු 270
(සම්මු අශාන් 87, ලසිත් අබේරත්න 39, තීක්ෂිල ද සිල්වා 27, ශිරාන් ප්‍රනාන්දු 52/4, ඉසුරු උදාන 41/2)

 


අදහස් (0)

එල්.බී. ෆිනෑන්ස්ට ලකුණු 10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.