
(දමින්ද විජේසූරිය)
එල්.පී.එල්. තරගාවලියේ හයවැන්න ලබන වසරේ ජූලි මස 8 වැනිදා සිට අගෝස්තු මස 8 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. මේ වසරේදී පැවැත්වීමට නියමිතය තිබූ එල්.පී,එල්. තරගාවලිය දෙසැම්බර් මාසය දක්වා කල්දැමුණු නමුත් එය පැවැත්වෙන දිනයක් සම්බන්ධයෙන් මේ දක්වා තීරණයකට එළඹිය නොහැකි විය.
පාකිස්තානු සහ එංගලන්ත කණ්ඩායම් වලට එරෙහිව ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික තරගාවලි පිළිබඳව සලකා බැලීමෙන් සහ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට මෙන්ම අයි.පී.එල්. තරගාවලියටත් දින වෙන් කිරීමෙන් පසුව එල්.පී.එල්. තරගාවලිය ජූලි මාසයට යොදාගෙන තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය නිවේදනයේ සටහන් වන්නේ ලබන වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩාංගණ සූදානම් කිරීම පිළිබඳ සලකා බලමින් එල්.පී,එල්. තරගාවලිය කල්දමන ලද බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.