Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එක්සත් ආරබී එමීර් රාජ්‍යයට ලකුණු 53 ක ජයක්

එක්සත් ආරබී එමීර් රාජ්‍යයට ලකුණු 53 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෙඩ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියේදී සිම්බාබ්වේ විද්‍ය සහ තාක්ෂණ විශ්ව විද්‍යාලයට එරෙහිව ලකුණු 53 ක ජයක් හිමිකර ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හැරියට් වොට් විශ්ව විද්‍යාලය අද (10 වැනිදා) සමත්විය. මෙම තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

හැරියට් වොට් විශ්ව විද්‍යාලය වෙනුවෙන් හයවැනි කඩුල්ල සදහා පන්දු 31 කදී ලකුණු 64 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමට රොනක් ඛන්දල්වාල් (නොදැවී 35) සහ සයිඞ් ෆයිසාන් (නොදැවී 29) සමත්වූහ. පන්දුවෙන් දස්කම් දැක්වූ රාම් නාරායන් ලකුණු 10 කට කඩුලු 4 ක් දවාගත්තේය.


හැරියට් වොට් විශ්ව විද්‍යාලය - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 149
(රාහුල් භාතියා 41, රොනක් ඛන්දල්වාල් නොදැවී 35, සයිඞ් ෆයිසාන් නොදැවී 29, ටටඞ්ස්වනාශී මක්විනා 9/2)

විද්‍ය සහ තාක්ෂණ විශ්ව විද්‍යාලය - ඕවර 17.2 කදී සියලුදෙනා දැවී ලකුණු 96
(බිල් ක්වම්බානා 48, රාම් නාරායන් 10/4, මොහොමඞ් නයිල් 12/2, රාහුල් භාතියා 14/2, රොනක් ඛන්දල්වාල් 25/2)

 


අදහස් (0)

එක්සත් ආරබී එමීර් රාජ්‍යයට ලකුණු 53 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.