Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එක්දින තරගයේ ජය ගුරුකුලයට

එක්දින තරගයේ ජය ගුරුකුලයට

editorial - 2023 මාර් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කැලණිය ගුරුකුල විදුහල සහ කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල අතර පැවැත්වෙන 33 වැනි ‘කැලණි සටන’ මහ ක්‍රිකට් තරගයට සමගාමීව පැවැති වාර්ෂික සීමිත ඕවර තරගයෙන් ලකුණු 25 ක ජයක් වාර්තා කිරීමට ගුරුකුල විදුහල සමත් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 187 ක ඉලක්කයක් හඹාගිය ධර්මාලෝක කණ්ඩායමට ඕවර 47.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 161 ක් පමණි. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ තත්සර ඒෂාන් ලකුණු 23 කට කඩුලු 5 ක් බිඳහෙළමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ගුරුකුල විදුහල ඕවර 48.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 186 ක් ලබාගත් අතර එහිදී නේතන් දිෂේන් ලකුණු 48 ක්ද, පූර්ණ කල්හාර ලකුණු 35 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.


ගුරුකුල විදුහල - ඕවර 48.5 කදී සියලු දෙනා දැවී 186
(නේතන් දිෂේන් 48, පූර්ණ කල්හාර 35, ජනිත් ෂෙහාන් 29, සතිදු ප්‍රබෝද 29/3, කවිඳු උමයංග 27/2, හෙලංක විදුරංග 30/2)

ශ්‍රී ධර්මාලෝක විදුහල - ඕවර 47.2 කදී සියලු දෙනා දැවී 161
(සෙනිරු නිර්මාල් 49, හෙලංක විඳුරංග 22, තත්සර ඒෂාන් 23/5, තරුෂ දිල්සර 39/2)

 


අදහස් (0)

එක්දින තරගයේ ජය ගුරුකුලයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.