Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්ත නායකත්වය බෙන් ස්ටෝක්ස්ට

එංගලන්ත නායකත්වය බෙන් ස්ටෝක්ස්ට

editorial - 2022 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය බාරගැනීම සඳහා වූ ඉල්ලීම බෙන් ස්ටෝක්ස් විසින් පිළිගනු ලැබ තිබේ. ඒ සම්බන්ධයෙන් බෙන් ස්ටෝක්ස් සහ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකාර අධ්‍යක්‍ෂ රොබට් කී මහතා අතර පැවැති සාකච්ඡා සාර්ථක වී තිබේ. නායකත්වය බාරගැනීම සම්බන්ධයෙන් ස්ටෝක්ස්ගේ ප්‍රධාන කොන්දේසියක් වී ඇත්තේ කොදෙව් සංචාරයේදී ඉවත දමා ගිය වේග පන්දු යවන්නන් දෙනො වන ජේම්ස් ඇන්ඩසන් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් නැවතත් කණ්ඩායමට කැඳවීමයි.

කෙසේ වෙතත් ස්ටෝක්ස්ට නායකත්වය නිල වශයෙන් හිමිවීමට නම් කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ තීරණය එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබිය යුතුය.
වසර 5 ක කාලයක් එංගලන්ත ටෙස්ට් කණ්ඩාමේ නායකත්වය දැරූ ජෝ රූට් පසුගියදා ඉල්ලා අස්වූයේය. එම කාලයේදී ජෝ රූට් පිතිකරුවකු ලෙසින් සාර්ථක වූ නමුත් එංගලන්ත කණ්ඩායම ලබාගත් ටෙස්ට් තරගාවලි ජයග්‍රහණ තරමක් අඩුවිය. එංගලන්ත කණ්ඩායම කොදෙව් සංචාරයේදී ලද 1-0 තරගාවලි පරාජය ජෝ රූට්ගේ ඉල්ලා අස්වීමට තදින් බලපෑ කරුණක් විය.

රොබට් කී මහතා එංගලන්ත කණ්ඩායමේ කළමණාකාර අධ්‍යක්‍ෂවරයා වීමෙන් පසුව ගන්නා ලද පළමු වැනි ප්‍රධාන පෙළේ තීරණය වන්නේද ටෙස්ට් පිලේ නායකත්වය බෙන් ස්ටෝක්ස්ට පැවරීමයි. රූට්ගේ ඉල්ලා අස්වීමෙන් පසු කණ්ඩායමේ නව නායකත්වය පිරිනැමීමට හොඳම පුද්ගලයා ස්ටෝක්ස් බව ද රොබට් කී මහතා විශ්වාස කරයි.

ටෙස්ට් තරග 79 කට සහභාගි වී සිටින ස්ටෝක්ස්, මේ වන විටත් එංගලන්ත ක්‍රීඩකයන්ගේ කාමරයේ ඉදිරි පෙළේ සිටින අයෙකි. ඔහු බොහෝ කාලයක් රූට්ගේ උප නායකයා ද වූවා පමණක් නොව, අවස්ථා ගණනාවකදීම එංගලන්ත පිලේ ජයග්‍රහණ වලට පාර කපා දුන් ක්‍රීඩකයකුද වූයේය.

පෞද්ගලික කාරණා කිහිපයක් හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් බැහැරව සිටියද ස්ටෝක්ස් කණ්ඩායමේ අත්‍යවශ්‍ය සාමාජිකයකු ලෙසින් දිගටම රැඳී සිටියේය. ඒ අතර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා මෙම වාරයේ ඉන්දීය ප්‍රිමියර් ලීගයෙන් ඉවත් වීමෙන් ටෙස්ට් ක්‍රිකට් සඳහා වූ ඔහුගේ කැපවීම යළිත් තහවුරු කළේය.

ස්ටෝක්ස් මැයි මාසයේදී නැවත වරක් ක්‍රීඩා කිරීම ආරම්භ කරනු ඇත.

- 213


අදහස් (0)

එංගලන්ත නායකත්වය බෙන් ස්ටෝක්ස්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.