Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩුබායිහිදී අද (30 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී පන්දු 50 ක් ඉතිරිව තිබියදීම කඩුලූ 8 කින් ඕස්ටේ‍්‍රලියාව පරාජය කළ එංගලන්තය අවසන් පූර්ව වටය පෙනෙන තෙක්මානයට පැමිණියේය. ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් සහභාගි වූ තරග තුනම ජයගනිමින් ලකුණු 3.614 ක ශුද්ධ ලකුණු වේගයක් රඳවාගෙන සිටි එංගලන්තය අද තරගයේදී එය ලකුණු 3.948 ක් දක්වා ඉහළ දමාගත්තේ අවසන් මොහොතේදී හෝ ලකුණු වේගයෙන් තර්ජනයක් ඇති නොවන පරිදිය.
පන්දු 32 කදී නොදැවී ලකුණු 71 ක් ලබාගත් ජොස් බට්ලර් එයින් ලකුණු 50 ක්ම හතරේ සහ හයේ පහර වලින් ලබාගත්තේය.
ඕස්ටේ‍්‍රලියානු ඉනිමේ අවසන් පන්දු 30 න් ලකුණු 58 ක් උදුරාගත් ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවෝ හිස් ඔසවාගෙන පුවත් පතක් බැලිය හැකි තරමේ ලකුණු සංඛ්‍යාවක් කරා තම පිල ඇදගෙන ගියහ. තරගයේ නිමාවට පෙර පන්දු දෙකකට පමණක් මුහුණ දුන් මිචෙල් ස්ටාක් එයින් එකක් නරඹන්නන් අතරට යැවූයේ ලකුණු 125 ක් වෙනුවෙන් සටනක් දීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් බට්ලර් සහ ජේසන් රෝයි දෙදෙනාගේ ප‍්‍රහාරය හමුවේ සියල්ල සිතිවිල්ලක් පමණක් විය.
ඕවර 15 ක් නිමාවන විටත් ඔස්ටේ‍්‍රලියාව ලබා සිටියේ කඩුලූ 5 ක් දැවී ලකුණු 67 ක් පමණි. එහෙත් ඒරන් ෆින්ච් තම කණ්ඩායම වෙනුවෙන් තනිවම සටන් කරමින් පන්දු 49 කින් ලකුණු 22 ක් ලබාගත්තේය. පන්දු 49 කට මුහුණ දුන් නමුත් ෆින්ච්ගේ ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 4 ක් පමණක් වීමෙන් එංගලන්ත පන්දු යවන්නන්ගේ තර්ජනයේ තරම මැනගත හැකිය.
ප‍්‍රහාරාත්මක ඕවර 6 ඇතුළතදී ලකුණු 21 කට කඩුලූ 3 ක් අහිමි කරගත් හෙයින් ඕස්ටේ‍්‍රලියානුවෝ අලි අමාරුවක වැටුණහ. ආරම්භයේදීම කඩලූ දෙකක් දවාගත් කි‍්‍රස් වෝක්ස් ස්ටීව් ස්මිත්ගේ උඩපන්දුවක් රැුකගනිමින් අද තරගයේදී පෙරමුණ ගත් කී‍්‍රඩකයා විය. පසුව වෝක්ස්ට එක්වූ කි‍්‍රස් ජෝර්ඞ්න් සහ ටයිමල් මිල්ස් ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවන් ඔසවා පොළොවේ ගැසූහ.
ඕස්ටේ‍්‍රලියාව ඕවර 20 කදි කඩුලූ 9 ක් දැවී 125 යි
(ඒරන් ෆින්ච් 44, මැතිව් වේඞ් 18, ඇෂ්ටන් ආගර් 20, පැට් කමින්ස් 12, මිචෙල් ස්ටාක් 13, කි‍්‍රස් වෝක්ස් 23/2, කි‍්‍රස් ජෝර්ඞ්න් 17/3, ටයිමල් මිල්ස් 45/2)
ඕවර 11.4 යි - එංගලන්තය කඩුලූ 2 ක් දැවී 126 යි
(ජේසන් රෝයි 22, ජොස් බට්ලර් නොදැවී 71, ජොනී බෙයාර්ස්ටෝ නොදැවී 16)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.