Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තයේ ක්‍රිකට් තරග මාස දෙකක් අත්හිටුවයි

එංගලන්තයේ ක්‍රිකට් තරග මාස දෙකක් අත්හිටුවයි

editorial - 2020 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

කොරෝනා වෛරසය පැතිරීයාම හේතුවෙන් සිය රටේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාව අත්හිටුවීම දීර්ඝ කිරීමට එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය තීරණය කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ජුනි මාසයේදී එංගලන්තයේදී පැවැත්වීමට නියමිතව තිබූ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගමාලාවත්, ජුනි සහ ජූලි මාසවලදී ඉන්දියාවට එරෙහි කාන්තා විස්සයි 20 හා එක්දින තරගාවලියන් ඉදිරියට ගෙන යනු ඇත.
 
මෙම තීරණය අනුව එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ සති අන්ත 9 ක තරගද අවදානමකට ලක්වී තිබේ. කෙසේ වෙතත් මැයි මස 28 වැනිදා ආරම්භවීමට නියමිතව තිබූ ‘විටැලිටි බ්ලාස්ට්’ විස්සයි-20 තරගාවලිය එංගලන්ත ගිම්හානයේ අගටම තල්ලු කරදමා ඇත්තේ එය පැවැත්වීමේ අවස්ථාව ලබාගැනීමටය. තරගාවලිය හොඳින් පවත්වා ගැනීමට නම් එය තරගවාරයේදී හැකි තරම් ප්‍රමාදවී ආරම්භ කිරීම සුදුසුම පියවර බව එංගලන්ත ක්‍රිකට් බලධාරීන්ගේ අදහසයි.

“මෙම ගිම්හානයේදී අපට යම්කිසි ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩාවක් ලබා දිය හැකි යැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒත් අප සිටින්නේ ලෝක ව්‍යාප්ත අර්බුදයක...... අපගේ ප්‍රමුඛතාවය වන්නේ අවදානමට ලක්විය හැකි, ප්‍රධාන සේවකයින් සහ සමාජය ආරක්ෂා කිරීමයි” යයි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩයේ ප්‍රධාන විධායක ටොම් හැරිසන් මහතා පවසා තිබිණ.

“සරලවම කියනවා නම්, ආරක්ෂිතව ක්‍රීඩා කළහැකි තත්ත්වයක් ඇතිවන තුරු, ක්‍රිකට් ක්‍රීඩාවක් ආරම්භ කෙරෙන්නේ නෑ.... අපගේ කාලසටහන ඉදිරියට යන්නේ රජයේ මග පෙන්වීම මත අවසර දෙන්නේ නම් පමණයි” යයි පැවසූ එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරියා....

“අපගේ සැලසුම වන්නේ ජාත්‍යන්තර තරග සඳහා හැකි තරම් ප්‍රමාද කර නැවත දින යොදාගැනීමයි. එයින් අපි බලාපොරොත්තු වන්නේ කොහොම හරි ඒ තරග පැවැත්වීමේ අවස්ථාව ලබාගැනීමයි” යයිද පැවසීය.

මේ අතර එංගලන්ත ප්‍රාන්ත තරගාවලිය මෙන්ම අනෙකුත් අන්තර්ජාතික තරග සඳහාත් ෂත්කාරකත්වය දැරීමට තමන්ට ලෝකයේ බොහෝ රටවලින් ආරාධනා ලැබී ඇතැයි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය කියයි. සරේ ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ සභාපති රිචඞ් තොම්සන් මහතා කීවේ එංගලන්තය වෙනුවෙන් තරග සංවිධානය කිරීමට අබුඩාබි ක්‍රිකට් ආයතනය සූදානමින් සිටින බවයි.

මේ අතර “ඕස්ටේ්‍රලියාව සහ නවසීලන්තය වගේ දුර බැහැර රටවලින් පවා අපේ තරගාවලිය පැවැත්වීමට අප ආරාධනා ලැබී තියෙනවා” යයි ටොම් හැරිසන් මහතා ඊයේ පැවසීය.

එංගලන්තයේ ක්‍රිකට් වාරය අප්‍රේල් මස 12 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබිණ. එහෙත් කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් එය මැයි මස 28 වැනිදා දක්වා කල්දමනු ලැබිණ.
 
- 2079

 


අදහස් (0)

එංගලන්තයේ ක්‍රිකට් තරග මාස දෙකක් අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.