Last Update  :  2025-12-29 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඌවේ රන් ගැටුම බණ්ඩාරවෙලදී

ඌවේ රන් ගැටුම බණ්ඩාරවෙලදී

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

”ඌවේ රන් ගැටුම” යන විරුදාවලිය ලත් බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් විදුහල හා බණ්ඩාරවෙල මධ්‍ය මහා විදුහල අතර 17 වැනි මහා කි‍්‍රකට් තරගය 21, 22 යන දිනවලදී බණ්ඩාරවෙල මහ නගර සභා කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

දෙවිදුහල් අතර මෙතෙක් පැවැති මහා තරග 16 න් බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් විදුහල තරග දෙකක්ද බණ්ඩාරවෙල මධ්‍ය මහ විදුහල, තරග දෙකක්ද ජය ලබා ඇති අතර තරග 12 ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

මෙවර බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් විදුහල් පිලේ නායකයා ලෙස ජී. නාලන්ද කටයුතු කරයි. දකුණත් පිතිකරුවෙකු වන ඔහු නිත්‍ය කඩුළු රකින්නාද වේ. දකුණත් මදවේග පන්දු යවන වමත් පිතිකරුවෙකු වන සහන් පසිදු ජයසිංහ බණ්ඩාරවෙල මධ්‍ය මහ විදුහල් කණ්ඩායමට නායකත්වය දෙයි.

සිව්වන වසර කී‍්‍රඩකයෙකු වන දකුණත් පිට දඟපන්දු යවන දකුණත් පිතිකරු අකිල සමන්පි‍්‍රය බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් විදුහල් කණ්ඩායමේ උපනායකයා වේ.

මීට අමතරව එම කණ්ඩායමේ බුද්ධික චාමර දකුණත් පා දඟපන්දු යවන අතර දකුණතින් පිත්ත හසුරුවන දක්‍ෂ තුන් ඉරියව් කී‍්‍රඩකයෙකි. සුජිත් කල්ප වමත් පිතිකරුවෙකු වන අතර දකුණතින් පිට දඟ පන්දු යවයි. ප‍්‍රසාද් ඉඳුනිල් වමත් වේග පන්දු යවන්නෙකි. කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයින්ද එවැනි දස්කම් දක්වන්නෝ වෙති.

බණ්ඩාරවෙල මධ්‍ය මහා විදුහලේ උපනායකයා ලෙස තේමිය භාන්රශ්මි පටබැඳි කටයුතු කරයි. සිව්වන වසරේ කී‍්‍රඩකයකු වන ඔහු දකුණතින් පා දඟපන්දු යවන දකුණත් පිතිකරුවෙකි.

කණ්ඩායමේ කඩුළු රකින්නා ලෙස වමතින් පන්දුවට පහර දෙන දෙමින්ත ප‍්‍රභාත් කටයුතු කරයි. දකුණත් වේගපන්දු යවන දකුණත් පිතිකරුවෝ ලෙස කසුන් අංජන, දකුණත් මදවේග පන්දු යවන දකුණත් පිතිකරු ලෙස නිලූපුල් එදිරිසූරිය කටයුතු කරති. කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයින්ද දක්ෂතා රැසකින් හෙබිය.

බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් කණ්ඩායම


ඉදිරිපෙළ වමේ සිට - බුද්ධික චාමර, ජී. නාලන්ද (නායක), ඞී. මානවඩු. (පුහුණුකරු), බන්දුල විජේසුන්දර (විදුහල්පති), ඒ.එම්. ආරියරත්න (කී‍්‍රඩා භාර ආචාර්ය), ආනන්ද විජේනායක (පුහුණුකරු), අකිල සමන්පි‍්‍රය (උප නායක), එම්.එස්. කල්ප,

පසුපෙළ වමේ සිට - ජයරත්න රාමනායක, ලක්ෂිත මධුසංඛ, ෂෙහාන් අරලිය, සංජීව මධුසංඛ, දිලූක නලින්ද, ප‍්‍රසාද් ඉඳුනිල්, ප‍්‍රශාන් නුවන්ග, කි‍්‍රෂාන් තරිදු, විහඟ අයේෂ්, චන්දන රුවන්, ඉෂාර දුමිඳු

බණ්ඩාරවෙල මධ්‍ය මහ විදුහල් කණ්ඩායම


ඉදිරිපෙළ වමේ සිට - සහන් පසිඳු ජයසිංහ (නායක), නිශාන්ත බණ්ඩාර (කී‍්‍රඩා භාර ආචාර්ය), වී.ජී.කේ.එස්. විද්‍යාරත්න (විදුහල්පතිනි), චන්දන බණ්ඩාර (පුහුණුකරු), තේමිය පටබැඳි.

පසුපෙළ වමේ සිට - විමුක්ති හේවගේ, හසරැුල් නයනජිත්, දෙමින්ත ප‍්‍රභාත්, නුවන්ත දිල්ෂාන්, ගිහාන් මාලින්ද, අසංක ගිහාන්, ඉසුරු ධනංජය, රුමාල් ලක්සහන්, චරිත බස්නායක, දිනුක නිලූපුල්, කසුන් අංජන, ලක්මාල් ප‍්‍රසාද්, හේෂාන් කල්ප.


අදහස් (3)

ඌවේ රන් ගැටුම බණ්ඩාරවෙලදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.