ලබන වසරේදී ඉන්දියාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරග 5 කින් සමන්විත තරගාවලියක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි එංගලන්ත සහ වේල්ස් කි‍්‍රකට් මණ්ඩලය අද (2 වැනිදා) නිවේදනය කළේය.
වසර 54 කට පසු එංගලන්තයේදී ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්ට් තරග 5 කින් යුත් මෙම තරගාවලිය සති 6 ක් වැනි කෙටි කාලයක් තුළදී අවසන් වීමට නියමිත බැවින් දෙපිලේම පන්දු යවන්නන්ට මෙම තරගාවලිය ඉතා අසීරු තරගාවලියක් වනු නිසැකය.
මෙම තරගාවලිය පිළිබඳ නිවේදනය කරමින් අදහස් දැක්වූ එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලයේ ප‍්‍රධාන විධායක ඬේවිඞ් කොලියර් මහතා ප‍්‍රකාශ කළේ එංගලන්තය දීර්ඝ ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දියාවට සත්කාරකත්වය සපයන්නේ වසර 54 කට පසුව බවත් තරගාවලියේ දීර්ඝ බවම තරගාවලියේ වටිනාකම සංඛේතාත්මකව හඟවන්නක් බවත්ය.
මෙම තරගාවලිය ලබන වසර ජූලි 09 වැනිදා සිට සැප්තැම්බර් 07 වැනිදා තෙක් පැවැත්වීමට නියමිත අතර ටෙස්ට් තරග පහට අමතරව එංගලන්තය සහ ඉන්දියාව අතර එක්දින තරග පහක් සහ විස්සයි 20 තරගයක්ද පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.