Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාව එක්දින තරගාවලිය ජයගනී

ඉන්දියාව එක්දින තරගාවලිය ජයගනී

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර බංග්ලාදේශයේ මීර්පුර්හි ශ්රේ-බග්ලා කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ඩක්වත් ලූවිස් ක‍්‍රමයට අනුව ලකුණු 47 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව ඊයේ (17 වැනිදා) සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කී‍්‍රඩකයෝ සමත්වූහ.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 106 ක පහසු ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ පිලට  ඕවර 17.4 සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 58 ක් පමණි.

එහිදී විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ ස්ටුවට් බිනී නිළකුණු  ඕවර 2 ක්ද සමගින්  ඕවර 4.4 ක් යවා ලකුණු 4 කට කඩුලූ 6 ක් දවාගත්තේය. එය ඔහුගේ හොඳම එක්දින පන්දුයැවීම ලෙස සටහන් විය.

නිළකුණු  ඕවර 2 ක්ද සමගින්  ඕවර 8 ක් යවා ලකුණු 22 කට කඩුලූ 4 ක් දවාගත් මෝහිත් ශර්මා, බංග්ලාදේශ ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සඳහා ස්ටුවට් බිනීට මනා සහයක් දුන්නේය.

බංග්ලාදේශ නායක මුෂ්ෆිකුර් රහීම්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය පිල  ඕවර 25.3 කදී සියලූ දෙනා දැවී ලකුණු 105 ක් ලබාගත් අතර ඉන්දීය පිලේ වැඩිම ලකුණු ලාභියා වූ නායක සුරේෂ් රයිනා පන්දු 23 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 27 ක් රැස්කළේය.

ඉන්දියාව -  ඕවර 25.3 කදී සියලූ දෙනා දැවී 105
(රොබින් උත්තාපා 14, සුරේෂ් රයිනා 27, උමේෂ් යාදව් 17, ටස්කින් අහමඞ් 25/8, මෂ්රෆී මොටාසා 35/2)

බංග්ලාදේශය -  ඕවර 17.4 කදී සියලූ දෙනා දැවී 58
(මිතුන් අලි 26, මොහිත් ශර්මා 22/4, ස්ටුවට් බිනී 4/6)

036


අදහස් (0)

ඉන්දියාව එක්දින තරගාවලිය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.