Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාව අතීතයේ අතරමං වෙලා

ඉන්දියාව අතීතයේ අතරමං වෙලා

editorial - 2021 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියානුවන් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කළේ එහි ශූරයන් වනු ඇතැයි වැඩි දෙනාගේ අපේක්‍ෂාවෙනි. එහෙත් නවසීලන්තය හමුවේ ලද කඩුලූ 8 ක පරාජයෙන් පසුව ඉන්දීය කණ්ඩායම තරගාවලියෙන් එළියට විසිවීමේ එළිපත්ත මතට පැමිණ තිබේ.

නවසීලන්තයට එරෙහිව ඊයේ (31 වැනිදා) පැවැති තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව ලබාගත්තේ ලකුණු 110 ක් පමණි. නවසීලන්ත කී‍්‍රඩකයෝ කඩුලූ 2 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ.

මෙම පරාජය හේතුවෙන් ඉන්දියාව 2 වැනි කාණ්ඩයේ පස්වැනි තැනට වැටී සිටී. ඉන්දියානුවන් තරගාවලියෙන් ඉවතට යාමට තවත් එක පරාජයක් ප‍්‍රමාණවත් වනු ඇත. මෙම තත්ත්වය සම්බන්ධයෙන් මහත් කම්පාවට පත්ව සිටින ඉන්දියානුවන් අතර හිටපු කී‍්‍රඩකයෝ රැසක්ම සිටිති.

”ඉන්දියාව දිහා බලා ඉන්නත් කණගාටුයි. ඒත් නවසීලන්තය නම් අලංකාරයි. කොහොමටත් ඉන්දිය පිතිකරුවන්ගේ හැසිරීමෙන්ම එය පෙනුනා. ඔවුන්ගේ පහර තේරීම ඉතාමත් දුර්වලයි” යයි හිටපු ආරම්භක පිතිකරු විරෙන්දර් සෙවැග් සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබිණ.

”අතීතයේ කිහිප වතාවකදීම වුණා වගේ, නවසීලන්තය මේ වතාවේදීත් අපිව ඉවත් කරන තැනට තල්ලූකරලා දාලා. මේ වතාවේදී නම් ඉන්දියාවට ඒක තදින්ම දැනෙනවා. කොහොම වුණත් ස්වයං විමර්ශනයක යෙදෙන්න හොඳම වෙලාවයි.....

ඉන්දියාවට දක්‍ෂතාව තියෙනවා. ඒත් මානසික දැඩිබව මදි” යයි 2011 දී ලෝක කුසලාන දිනාගත් ඉන්දිය කණ්ඩායමෙ ආරම්භක පිතිකරුවා වූ ගෞතම් ගම්භීර් මහතා පැවසීය.

”මේක දැන් ප‍්‍රවණතාවක් වෙලා.. සෑම ලෝක කුසලාන තරගාවලියකදීම වගේ මෙහෙම වෙනවා... නවසීලන්ත පන්දු යවන්නන් හොඳින් පන්දු යැව්වා තමයි. ඒත් අපේ පිතිකරුවන් ඔවුන්ගේ වැඬේ ලේසි කළා....අවසන් පූර්ව වටයට යාම අපට දැන් දුර තියෙන හීනයක්” යයි හිටපු පිතිකරු වී.වී.එස්. ලක්‍ෂමන් මහතා පැවසීය.
මේ අතර එංගලන්ත පිලේ හිටපු නායකයකු වන මයිකල් වෝන් මහතා කියන්නේ ඉන්දියාව තවමත් 2010 තරම් ඈත අතීතයේ අතරමංවී සිටින බවකි.

”මේ කී‍්‍රඩාව දැන් බොහෝ දුර ගිහිල්ලා... ඉන්දීය කි‍්‍රකට් කී‍්‍රඩාවේ කොයිතරම් දස්කම් වගේම ගැඹුරක් තිබුණත්, සුදු පන්දුවෙන් කී‍්‍රඩාව දියුණු වූ යුගයේදී ඔවුන්ට කිසිවක් කරගන්න ලැබිලා නෑ” යයි ජ්‍යෙෂ්ඨ කි‍්‍රකට් විචාරකයකු වන මයිකල් වෝන්  මහතා කියයි.

ඉන්දියාව අවසන් වරට ලෝක කුසලානයක් දිනාගත්තේ 2011 දී එක්දින ලෝක කුසලානයයි.

විස්සයි-20 ලෝක කුසලාන තරග ආරම්භ වූ 2007 දී කුසලාන දිනාගත් නමුත් ඉන් පසුව විස්සයි-20 ලෝක කුසලානයක් දිනාගැනීමට ඉන්දියාව අපොහොසත් වී තිබේ. 2014 දී අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් නමුත් ශී‍්‍ර ලංකාව හමුවේ පරාජය විය.


- 213

 


අදහස් (0)

ඉන්දියාව අතීතයේ අතරමං වෙලා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.