Last Update  :  2025-12-29 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇෆ්ගනිස්ථානය හමුවේ නේපාලයට පෙරළිකාර ජයක්

ඇෆ්ගනිස්ථානය හමුවේ නේපාලයට පෙරළිකාර ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ මූලික වටයේ ඇෆ්ගනිස්ථානය සහ නේපාලය අතර අද (20) චිතගෝන්හිදී පැවති ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් ලකුණු 9 ක තියුණු ජයක් වාර්තා කිරීමට නේපාලය සමත්විය.

ලකුණු 142 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්ථාන පිලට නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 132 ක් පමණි.

ඇෆ්ගනිස්ථාන පිතිකරුවන් 5 දෙනකුම ලකණු 10 ට වඩා අඩුවෙන් දවාගැනීමට නේපාල පන්දුයවන්නෝ සමත්වූ අතර දක්ෂ පන්දුයැවීමක නිරවූ ජිටේන්ද්‍ර මුකියා ලකුණු 18 කට කඩුලූ 3 ක් දවාලීමින් තරගයේ වීරයා බවට පත්විය.

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා නේපාලයට ආරාධනා කළ අතර නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 141 ක් රැස්කිරීමට ඔවුහු සමත්වූහ.

එහිදී නේපාල පිල ආරම්භක පිතිකරු සුභාෂ් ඛාකුරල් (56) සහ ශාරද් වෙසව්කාර් (37) එක්ව සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 55 කදී ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩනගමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

පන්දු 53 කදී වාර්තාවූ සුභාෂ් ඛාකුරල්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත්විය.

නේපාලය -  ඕවර 20 කදී කඩුලූ 5 කට 141
(සුභාෂ් ඛාකුරල් 56, ගයනේන්ද්‍ර මල්ලා 22, ශාරද් වෙසව්කාර් 37, ශපූර් සද්රාන් 19/2)

ඇෆ්ගනිස්ථානය -  ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී 132
(සෆිකුල්ලා 36, අස්ගර් ස්ටැනික්සායි 49, සමිඋල්ලා ශෙන්වරි 15, ජිටේන්ද්‍ර මුකියා 18/3, සෝම්පාල් කමී 32/2, ශක්ති ගෞචන් 25/2)


අදහස් (0)

ඇෆ්ගනිස්ථානය හමුවේ නේපාලයට පෙරළිකාර ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.