Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇෂ්ලී නර්ස් විස්සයි20 සංචිතයට කැඳවයි

ඇෂ්ලී නර්ස් විස්සයි20 සංචිතයට කැඳවයි

Nisanka Sandeepani - 2017 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන එකම විස්සයි20 තරගය සදහා 13 දෙනෙකුගෙන් සමන්විත සංචිතය සඳහා පිටදඟ පන්දුයවන ක්‍රීඩක ඇෂ්ලී නර්ස් කැඳවීමට බටහිර ඉන්දීය කොදෙව් තේරීම් කම්ටුව තීරණය කර ඇත. ඇෂ්ලී නර්ස් අවසන් වරට ජාත්‍යන්තර විස්සයි20 තරගයකට ක්‍රීඩාකර ඇත්තේ 21015 ජනවාරී මාසයේදීය. 

පෞද්ගලික හේතුවක් මත පාදඟ පන්දුයවන ක්‍රීඩක සැමුවෙල් බද්‍රී විස්සයි20 තරගය සදහා ක්‍රීඩා නොකරන බැවින් ඇෂ්ලී නර්ස්ට මෙම අවස්ථාව හිමිවූ අතර ඉන්දියාවට එරෙහිව පසුගිය ජූලී මාසයේදී පැවැති විස්සයි20 තරගය සදහා ක්‍රීඩාකළ ක්‍රීඩකයින් 12 දෙනෙකුම එංගලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගයට කැඳවූ සංචිතයට ඇතුළත්ව ඇත.

2011 අප්‍රේල් මාසයේදී පළමු විස්සයි20 තරගයට ක්‍රීඩා කළ ඇෂ්ලී නර්ස්ට අවසන් වරට සහභාගීවූ විස්සයි20 ජාත්‍යන්තර තරගාවලි හතරකදී කඩුලු ලබාගැනීමට අවස්ථාවක් හිමි නොවීය. නමුත් අවසන් වරට පැවැති දේශීය ඕවර 50 තරගාවලියේදී බාර්බඩෝස් කණ්ඩායම නියෝජනය කරමින් එහි ප්‍රධාන පන්දු යවන්නාවූ ඇෂ්ලී නර්ස් එම තරගාවලියේ වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා බවට පත්විය.

මෙවර කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේදී  ට්‍රින්බාගෝ නයිටි රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග දෙකකට සහභාගිවී ඇති ඇෂ්ලී නර්ස්ට කඩුලු ලබාගැනීමට අවස්ථාවක් හිමි නොවීය.

අත්දැකිම් බහුල ක්‍රීස් ගේල්, සුනිල් නරේන්, කරන් පොලාඞ්, මාලන් සැමුවෙල් සහ ජෙරම් ටේලර් විස්සයි20 සංචිතය සදහා ඇතුළත් කර ඇත. මාස දෙකකට පෙර ඉන්දියාවට එරෙහිව පන්දු 53 කදී ශතකයක් රැස්කළ එවින් ලෙවිස්ද මෙම සංචිතයට ඇතුළත්ව ඇත.

සැප්තැම්බර් 19 වැනිදා ඕල්ඞ් ට්‍රැෆර්ඞ්හිදී ආරම්භවන එක්දින තරගාවලියට පෙර පැවැත්වෙන එකම විස්සයි20 තරගය සැප්තැම්බර් 16 වනදා චැස්ටර්ලී ස්ටී්‍රට්හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය
කාලෝස් බ්‍රැත්වේට් (නායක), රොන්ස්ෆෝඞ් බීටන්, ක්‍රීස් ගේල්, එවින් ලෙවිස්, ජේසන් මොහොමඞ්, සුනිල් නරේන්, ඇෂ්ලී නර්ස්, කරන් පොලාඞ්, රෝව්මන් පවෙල්, මාලන් සැමුවෙල්, ජෙරම් ටේලර්, චැඞ්වික් වෝල්ටන්, කෙස්රික් විලියම්ස්.


අදහස් (0)

ඇෂ්ලී නර්ස් විස්සයි20 සංචිතයට කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.