Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දෙවැනි වරටත් සිදුකරන ලද පි.සී.ආර් පරීක්‍ෂණයේ ප්‍රතිඵල නියමිත වේලාවට නොලැබීම හේතුවෙන් මෙවර අයි.පී.එල් තරගාවලියේ දිල්ලි කැපිටල් පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත ඇන්රික් නෝයේගේ ඉදිරි තරග අවිනිශ්චිත වී තිබේ. දිල්ලි පිල සහභාගිවූ දෙවැනි තරගය (බ්‍රහස්පතින්දා) පැවැති අතර ඇන්රික් නෝයේට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූයේ පරීක්‍ෂණයේ ප්‍රතිඵල නියමිත වේලාවට නොලැබුණ බැවිනි.
ඇන්රික් නෝයේ සම්බන්ධයෙන් කලින් සිදුකරන ලද පී.සී.ආර් පරීක්‍ෂණයේ ප්‍රතිඵල ධනාත්මකවී තිබිණ. නමුත් දිල්ලි කැපිටල්ස් කළමනාකාරිත්වය තවමත් ඒ සම්බන්ධයෙන් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නැත.
අයි.පී.එල් තරගාවලියේ සම්මත මෙහෙයුම් පටිපාටියට අනුව, පළමු පී.සී.ආර් පරීක්‍ෂණයේ ප්‍රතිඵලය ධනාත්මක වේ නම් ඒ සෑම ක්‍රීඩකයකු සඳහාම දෙවැනි පරීක්‍ෂණයක් කරනු ලබයි. එහි අරමුණ පළමු පරීක්‍ෂණයේ ප්‍රතිඵලය වැරදි එකක් නොවන බව තහවුරු කරගැනීමයි.
ඇන්රික් නෝයේ සහ වේග පන්දු යවන ක්‍රීඩක කගීසෝ රබාඩා අප්‍රේල් 6 වනදා මුම්බායි වෙත පැමිණියහ. ඔවුන් දින හතක දැඩි නිරෝධායනයකින් පසුව, සහ පී.සී.ආර්. පරීක්‍ෂණ වලට මුහුණ දුන්හ. එහෙත් ඇන්රික් නෝයේගේ දෙවැනි පරීක්‍ෂණයේ ප්‍රතිඵල නොලැබීමෙන් රාජස්තාන් පිලට එරෙහිව පැවැති තරගයේදී නෝයේට ක්‍රීඩා කළ නොහැකි විය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.