Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ සැලසුම් සකස් කිරීමේ කේන්ද්‍රස්තානයක් ලෙසින් යොදා ගැනෙන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙහි පිහිටුවා තිබෙන ජාතික ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයෙහි පහසුකම් වැඩි ක්‍රීඩක නේවාසිකාගාරයක් ඉදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ ඉහළ මාලයේ ස්ථාපනය කොට තිබෙන මෙම ක්‍රීඩක නේවාසිකාගාරය එකවර පුද්ගලයින් 44 දෙනෙකුට නවාතැන් පහසුකම් ලබාගත හැකි වන පරිදි ඉදි කර තිබේ. වායු සමීකරණ පහසුකමද සහිත නවීන පහසුකම් රැසකින් සමන්විත වන මෙම ක්‍රීඩක නේවාසිකාගාරය ක්‍රීඩක අයිතියට පැවැරීම අද (9 වැනිදා) මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති කුමාර් සංගක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පැවැත්විණ.
වත්මන් ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ සංකල්පයකට අනුව ඉදිකර ඇති මෙම ක්‍රීඩක නේවාසිකාගාරය ඉදිරියේදී ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ට, නැගී එන කණ්ඩායම, ඒ කණ්ඩායම මෙන්ම සියලුම වයස් කාණ්ඩ යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරනු ජාතික මට්ටමේ ක්‍රිකට් කණ්ඩායම් පුහුණු කඳවුරු පැවැත්වීමේදී භාවිතයට ගැනීමට අවස්ථාව උදා වී තිබේ. ක්‍රීඩකයින්ට අමතරව එම කණ්ඩායමේ පුහුණුකරුවන්ට සහ කළමනාකරුවන්ටද මෙම ක්‍රීඩක නේවාසිකාගාරය භාවිතයට ගැනීමේ හැකියාව පවති.
මෙවැනිම ආකාරයේ ක්‍රීඩක නේවාසිකාගාරයක් ඉදිරියේදී පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ පරිශ්‍රයේද ඉදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය බලාපොරොත්තුවෙන් පසුවේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.