Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආනන්ද ශිෂ්‍ය නායකයෝ ජයගනිති

ආනන්ද ශිෂ්‍ය නායකයෝ ජයගනිති

රොෂාන් ගුණරත්න - 2016 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ආනන්ද විදුහල් ශිෂ්‍ය නායක කණ්ඩායම සහ නාලන්දා විදුහල් ශිෂ්‍ය නායක කණ්ඩායම අතර 44 වැනි වරටත් පැවැති වාර්ෂික ක‍්‍රිකට් තරගයෙන් ආනන්ද විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 98 ක ජයක් ලැබුහ. ජයග‍්‍රහණය සදහා ලකුණු 185 ක ඉලක්කයක් හඹාගිය නාලන්දා විදුහල් කණ්ඩායමට සියලූ දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 86 කි.


ආනන්ද විදුහලේ ක‍්‍රීඩකයන් වන විමුක්ති තල්වත්ත, දිනෙත් රබෙල් සහ තිනෙත් ජයසුරිය පිළිවෙලින්  දක්ෂතම පිතිකරුවා, දක්ෂතම පන්දු යවන්නා සහ තරගයේ වීරයා ලෙස සම්මාන ලැබුහ. නාලන්දා විද්‍යාලයේ රශ්මික බණ්ඩාර දක්ෂතම පන්දු රකින්නා ලෙස තේරීපත්විය.


ආනන්ද විදුහල  ඕවර 30 කදී කඩුලූ 9 ට 184
(විමුක්ති තල්වත්ත 42, අෂේන් දසනායක 37, තිනෙත් ජයසුරිය 23, ප‍්‍රබුද්ධ බද්දේගම 45/3)


නාලන්දා විදුහල  ඕවර 19 කදී සියලූ දෙනා දැවී 86
(ජීවන්ත එදිරිසිංහ 25, තිනෙත් ජයසුරිය 6/3, දිනෙත් රබෙල් 7/2)


-090

 


අදහස් (0)

ආනන්ද ශිෂ්‍ය නායකයෝ ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.