“නැට්වෙස්ට්” විස්සයි20 ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරමින් විස්සයි20 ක්‍රිකට් දිවියේ ප්‍රථම ශතකය වාර්තා කිරීමට ශහීඞ් අෆ්රිඩි ඊයේ (22 වැනිදා) සමත්විය.
37 වියැති අෆ්රිඩි පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී ඩර්බිෂයර් ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 43 කදී හයේ පහර හතක් සහ හතරේ පහර 10 න් සමගින් ලකුණු 101 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීම හේතුවෙන් හැම්ප්ෂයර් ක්‍රීඩා සමාජයට අවසන් පූර්ව තරගය සදහා සුදුසුකම් ලබාගැනීමට හැකිවිය.
පළමුව පන්දුවට පහරදුන් හැම්ප්ෂයර් ක්‍රීඩා සමාජය නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 249 ක් රැස්කළ අතර විස්සයි20 තරග ඉතිහාසයේ පස්වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තාවිය. 2006 වසරේදී මිඞ්ල්සෙක්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 225 ක් රැස්කරමින් හැම්ප්ෂයර් ක්‍රීඩා සමාජය තබා තිබූ ඔවුන්ගේ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අෆ්රිඩිගේ වේගවත් පිතිහරඹය හමුවේ අලුත් කිරීමට හැකිවිය.
අෆ්රිඩිට අගනා සහයක් ලබාදුන් ජේම්ස් වින්ස් පන්දු 36 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 55 ක් රැස්කළ අතර ජෝර්ජ් බේලී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 11 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් සමගින් ලකුණු 27 ක් රැස් කළේය.
ජයග්‍රහණය සදහා ලකුණු 250 ක ඉලක්කයක් හඹාගිය ඩර්බිෂයර් පිලට ඕවර 19.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 148 ක් පමණි. පිතිකරුවන්හට ලකුණු අතරට පැමිණීමට අවස්ථාවක් නොදුන් ලයම් ඬේව්සන් සහ කයිල් ඇබට් කඩුලු තුන බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
හැම්ප්ෂයර් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 249
(ශහීඞ් අෆ්රිඩි 101, ජේම්ස් වින්ස් 55, ජෝර්ජ් බේලී 27, මැට් ක්‍රීච්ලේ 32/3, බෙන් කොට්න් 40/2)
ඩර්බිෂයර් - ඕවර 19.5 කදී සියලුදෙනා දැවී 148
(බෙන් කොට්න් නොදැවී 30, ඉම්රාන් තහීර් 23, ඇලෙක්ස් හග්ස් 23, කයිල් ඇබට් 25/3, මේසන් ක්‍රේන් 33/2, ලයම් ඬේව්සන් 28/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.