Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වැනි කොටසේ තරගයකදී කොකුවිල් හින්දු විද්‍යාලයට එරෙහිව ලකුණු 36 ක ජයක් ලබාගැනීමට අකුරණ අසාර් විද්‍යාලය අද (12 වැනිදා) සමත්විය. මෙම තරගය කොකුවිල් හින්දු විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
අසාර් විද්‍යාලයේ ක්‍රීෂාන් දර්ෂන් ඉනිම දෙකෙහිදීම අර්ධ ශතක (64 සහ 58) රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර හින්දු විද්‍යාලය වෙනුවෙන් එල්. නිරුශිකන් ලකුණු 104 කට කඩුලු 9 ක් සහ යූ. නිමලදාස් 114 කට කඩුලු 8 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
අසාර් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 51 කදී සියලුදෙනා දැවී ලකුණු 179
(ක්‍රීෂාන් දර්ෂන් 64, එම්. අකීල් 27, එල්. නිරුශිකන් 57/5, යූ. නිමලදාස් 29/3)
හින්දු විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 66.5 කදී සියලුදෙනා දැවී ලකුණු 188
(කේ. බානුජන් 45, ඒ. දනුක්ෂන් 28, ඒ. තරුජන් 24, එස්. නිශාන්ත් 23, එම්. අකීල් 48/3, එම්. ජශීල් 48/2)
අසාර් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 37 කදී සියලුදෙනා දැවී ලකුණු 188
(ක්‍රීෂාන් දර්ෂන් 58, එම්. අක්‍රම් 45, එම්. අකිල් 21, යූ. නිමලදාස් 85/6, එල්. නිරුශිකන් 47/4)
හින්දු විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 42 කදී සියලුදෙනා දැවී ලකුණු 125
(එස්. නිශාන්ත් 55, එම්. ජසීර් 06/4, ඉජාස් අහ්මඞ් 31/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.