Last Update  :  2025-08-15 13:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අසාම් - හෆීස් පාකිස්තානය දිනවති

අසාම් - හෆීස් පාකිස්තානය දිනවති

editorial - 2020 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශ කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී අද (25 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 9 ක ජයක් අත්කර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. එම ජයත් සමග තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජය ගැනීමට පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 137 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායම ඕවර 16.4 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී පහසුවෙන්ම එම ඉලක්කය පසුකර ගියේය.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 90 කදී ලකුණු 131 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ නායක බාබර් අසාම් (නොදැවී 66) සහ මොහොමඞ් හෆීස් (නොදැවී 67) පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

පාකිස්තාන ඉනිමේ මුලු ලකුණු සංඛ්‍යාව 6 ක්ව තිබියදී අසන් අලී ලකුණු ලබාගැනීමටත් මත්තෙන් පිටියෙන් ඉවත් කිරීමට ශෆියුල් ඉස්ලාම් සමත් විය. එහෙත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගූ අසාම් සහ හෆීස් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ. පන්දු 44 කදී වාර්තා වූ අසාම්ගේ 12 වැනි විස්සයි20 අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් සමන්විත වූ අතර පන්දු 49 කදී වාර්තා වූ හෆීස්ගේ 10 වැනි විස්සයි20 අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 9 ක් අන්තර්ගත විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකණු 136 ක් රැස්කළ අතර බංග්ලාදේශ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් පන්දු 53 කදී ලකුණු 65 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගිනි.

අෆීෆ් හොසේන් (21) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 45 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ටමීම් සමත් වූ අතර පන්දු 20 කදී වාර්තා වූ අෆීෆ්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහරකින් සමන්විත විය. නායක මහමදුල්ලා රියාද් පන්දු 12 කදී හතරේ පහරක් සමග ලකුණු 12 ක් රැස්කළේය.


බංග්ලාදේශය - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 136
(ටමීම් ඉක්බාල් 65, අෆීෆ් හොසෙන් 21, මහමදුල්ලා රියාද් 12, මොහොමඞ් හස්නයින් 20/2)
 
පාකිස්තානය - ඕවර 16.4 කදී කඩුල්ලක් දැවී 137
(බාබර් අසාම් නොදැවී 66, මොහොමඞ් හෆීස් නොදැවී 67)


-036

 


අදහස් (0)

අසාම් - හෆීස් පාකිස්තානය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.