Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අස්ගර් ඇෆ්ගන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර ඇත. ඒ අනුව විස්සයි20 ලෝක කුසලාන තරඟාවලියේ නැමීබියාවට එරෙහිව අද (31 වැනිදා) පැවැත්වෙන තරගය අස්ගර් ඇෆ්ගන්ගේ අවසන් තරගය වේ.
මෙ වනවිට 33 හැවිරිදි වියේ පසුවන ඔහු ටෙස්ට් තරග 6 කදී, එක්දින තරග 114 කදී සහ විස්සයි20 තරග 75කදී ඇෆ්ඝනිස්තානය නියෝජනය කළේය. එහිදී ඔහු ලකුණු 4215 ක් රැස්කිරීමට සමත්විය. ඔහු තරග 115කදී ඇෆ්ඝනිස්තානයට නායකත්වය ලබාදී ඇත.
ඉන්දියාවට එරෙහිව 2018 වසරේදී මංගල ටෙස්ට් තරගය කණ්ඩායම මෙහෙයවමින් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකත්වය දැරූවේද අස්ගර්ය.
ටෙස්ට් තරග 4 කදී කණ්ඩායම මෙහෙයවා ඇති අස්ගර් ඇෆ්ගන් තරග 2 ක් ජයග්‍රහණය කරා මෙහෙයවා ඇති අතර තරග 2 ක් පරාජයවී ඇත. එක්දින තරග 59 කදී නායකත්වය ලබාදී ඇති ඔහු තරග 34 ක් ජයගෙන ඇති අතර තරග 21 ක් පරාජයට පත්විය. විස්සයි20 තරග 52 කදී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම මෙහෙයවා ඇති අස්ගර් ඇෆ්ගන් එහිදී තරග 42 ක් ජයග්‍රහණය කරා ගෙන ගොස් ඇත.
ස්කොට්ලන්තයට එරෙහිව ඔහු 2009 වසරේදී සිය මංගල එක්දින ජාත්‍යන්තර පිටියටද පිවිසියේය. 2010 වසරේදී අයර්ලන්තයට එරෙහිව ජාත්‍යන්තර විස්සයි20 පිටියට පිවිසියේය.
මේ වසරේ මාර්තු මාසයේදී සිම්බාබ්වේ පිලට එරෙහිව ලබාගත් ජයග්‍රහණයත් සමගින් වැඩිම විස්සයි20 ජාත්‍යන්තර තරග සංඛ්‍යාවක් ජයග්‍රහණය කරා රැගෙන ගිය නායකයා ලෙස වාර්තා පොත් අතරට එක්විය. නායකයකු ලෙස විස්සයි20 තරග 42 කදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමත් සමගින් මහේන්ද්‍ර සිං දෝනී තරග 41 ක් ජයග්‍රහණය කරා රැගෙන ගිය වාර්තාව බිඳවැටුණි. ඒ අතර විස්සයි20 ජාත්‍යන්තර තරගවල නායකයකු (46) පිට පිටම වැඩිම තරග ගණනක නායකත්වය දැරීමේ වාර්තාවද ඔහු සතුය.
2015 ලෝක කුසලානයෙන් පසු මොහොමඞ් නබි වෙනුවට ඇෆ්ඝනිස්තාන නායකයා ලෙස අස්ගර් ඇෆ්ගන් පත් කරන ලද අතර වසර හතරක් ඔහු එම තනතුර දැරීය. 2019 ලෝක කුසලානයට පෙර ඔහු වෙනුවට ගුල්බදින් නයිබ් නායකත්වයට පත් කරන ලදී. 2019 දෙසැම්බරයේදී, ඇෆ්ගනිස්තානය නායකයා ලෙස සිය දෙවන වාරය ආරම්භ කළ නමුත් මෙම වසරේ මැයි මාසයේදී නැවත වරක් ඔහු ඉවත් කරන ලදී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.