අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලන’ කි‍්‍රකට් තරගාවලියේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර පැවති තරගයෙන් ලකුණු 150 ක පහසු ජයක් වාර්තා කිරීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සමත්විය.
තරගය ජය ගැනීම සඳහා ලකුණු 314 ක ඉලක්කයක් හඹාගිය රාජකීය විදුහලට එරෙහිව ප‍්‍රශේන් ප‍්‍රනාන්දු, අවිෂ්ක ප‍්‍රනාන්දු සහ සචින්ත සිල්වා කඩුලූ 2 බැගින් දවාගනිමින් රාජකීය ඉනිම ලකුණු 163 කට සීමා කළහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් පන්දු 109 කදී හයේ පහර 4 ක්සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු 101 ක් රැස්කිරීමට ආරම්භක පිතිකරු අවිෂ්ක ප‍්‍රනාන්දු සමත්විය. ඔහු සහ ප‍්‍රවීන් පෙරේරා (75) අතර පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුන සම්බන්ධතාව ලකුණු 193 කි.
ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 313
(අවිෂ්ක ප‍්‍රනාන්දු 101, ප‍්‍රවීන් පෙරේරා 75, මලින්ත පීරිස් 51, ශාන් තෙන්නකෝන් 38/2, හිමේෂ රාමනායක 47/2)
රාජකීය විදුහල - ඕවර 36 කදී සියලූ දෙනා දැවී 163
(ශාන් තෙන්නකෝන් 30, රණුක ජයවර්ධන 27, ලකිඳු නානායක්කාර 24, ප‍්‍රශේන් ප‍්‍රනාන්දු 12/2, අවිෂ්ක ප‍්‍රනාන්දු 13/2, සචින්ත සිල්වා 37/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.