Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස චැටෝග්‍රෑම් චැලෙන්ජර්ස් කණ්ඩායම සහ රාංපූර් රේන්ජර්ස් කණ්ඩායම අතර චැටෝග්‍රෑම්හි සහූර් අහමඞ් චෞද්රි ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට රාංපූර් රේන්ජර්ස් කණ්ඩායම සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් චැලෙන්ජර්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 163 ක් ලබාගත් අතර එහිදී චැලෙන්ජර්ස් කණ්ඩායමේ නැංගුරම බවට පත්වූ ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 40 කදී ලකුණු 72 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමගිනි.
ජයග්‍රහණය සඳහා ලකුණු 164 ක ඉලක්කයක් හඹාගිය රාංපූර් රේන්ජර්ස් කණ්ඩායම පන්දු 8 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ලුවිස් ග්‍රෙගරි පන්දු 37 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 76 ක් රැස්කරමින් රාංපූර් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
ෆසල් මුහම්මද් (නොදැවී 38) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41 කදී ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ලුවිස් සමත් වූ අතර පන්දු 21 කදී වාර්තා වූ ෆසල්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය. නායක ටොම් ඇබෙල්පන්දු 24 කදී ලකුණු 24 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.
චැටෝග්‍රෑම් චැලෙන්ජර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 163
(අවිෂ්ක ප්‍රනාන්දු 72, චැඞ්වික් වෝල්ටන් 16, නුරුල් හසන් 20, ලයෑම් ප්ලන්කට් නොදැවී 17, මුස්තෆිසුර් රහමන් 23/2, ලුවිස් ග්‍රෙගරි 27/2)
ඩකා ප්ලැටූන් පිල - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 167
(ටොම් ඇබල් 24, ශද්මන් ඉස්ලාම් 15, ලුවිස් ග්‍රෙගරි නොදැවී 76, ෆස්ල් මුහම්මද් නොදැවී 38, රුබෙල් හොසේන් 37/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.