Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අම්බලන්ගොඩට නව පුහුණු තණතීරු දෙකක්

අම්බලන්ගොඩට නව පුහුණු තණතීරු දෙකක්

editorial - 2019 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘ක්‍රිකට් ගමට’ වැඩසටහන යටතේ නවීකරණය කරණ ලද කෘතිම පුහුණු තණතීරු දෙකක් ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ නගර සභා පිටියේදී පසුගියදා විවෘත කෙරිණ.

මෙම පුහුණු තණතීරු දෙක ඉදිකෙරුණේ අම්බලන්ගොඩ රියෝ ක්‍රීඩා සමාජයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබාදුන් රුපියල් මිලියන දෙකක ප්‍රතිපාදන මතය. වර්තමානයේ පිතිහරඹ පුහුණුව සඳහා අත්‍යවශ්‍යම අංගයක් වන පන්දු යැවීමේ යන්ත්‍රයක්ද මෙම ස්ථානයේ සථාපිත කර තිබීම විශේෂත්වයකි.

නව තණතීරු සහ පහසුකම් රැසක් සහිතව අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණය අංග සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩා පිටියක් බවට පත්කිරීමේ සංවර්ධන මෙහෙයුම සඳහා ශ්‍රි ලංකා ක්‍රිකට් රුපියල් මිලියන 16 කට අධික මුදලක් වෙන්කර තිබේ.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට නායකයින් පවා බිහි කළ අම්බලන්ගොඩ පුරවරයට මෙම පහසුකම් හේතුවෙන් තවත් දක්ෂ ක්‍රීඩකයන් රැසක් බිහිකිරීමට හැකිවනු ඇතැයි අම්බලන්ගොඩ රියෝ ක්‍රීඩා සමාජයේ සභාපති ජයන්ත ජයවීර මහතා ප්‍රකාශ කළේය.  

අම්බලන්ගොඩ ප්‍රධාන ක්‍රීඩා සමාජ වලට අමතරව අවට පාසැල් රැසක ක්‍රිකට් කණඩායම් වලටද මෙමගින් පහසුකම් සැලසීමට නියමිතය.

 


-036

 


අදහස් (0)

අම්බලන්ගොඩට නව පුහුණු තණතීරු දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.