Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ බාලිකා ඕවර 25 ක්‍රිකට් තරගාවලියේ අද (26 වැනිදා) පැවැති තරගයකදී මරදාන ගෝතමී බාලිකා විද්‍යාලයට එරෙහිව කඩුලු 10 ක ජයක් හිමිකර ගැනීමට නුගේගොඩ අනුලා විද්‍යාලය සමත්විය. මෙම තරගය පානදුර ශාන්ත ජෝන්ස් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
අනුලා විද්‍යාලය වෙනුවෙන් සිත්මි හර්ෂා ලකුණු 19 කට කඩුලු 5 ක් සහ හෂ්මිනි කාලින්දී ලකුණු 07 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ගෝතමී බාලිකා විද්‍යාලය - ඕවර 18.3 කදී සියලුදෙනා දැවී ලකුණු 49
(නවෝද්‍යා ලක්ශරණි 16, සිත්මි හර්ෂා 19/5, හෂ්මිනි කාලින්දී 07/3, ජනාදී අනාන්ද 07/2)
අනුලා විද්‍යාලය - ඕවර 5.1 කදී කිසිවකු නොදැවී ලකුණු 50
(අශ්මා පෙරේරා නොදැවී 22, සිත්මි හර්ෂා නොදැවී 15)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.