Last Update  :  2024-10-07 23:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වේල්ස් කුමරි - යශෝධරා අලුත් ගමනක් අරඹති
කාන්තා මහ ක්‍රිකට් තරග

වේල්ස් කුමරි - යශෝධරා අලුත් ගමනක් අරඹති

editorial - 2024 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටුව වේල්ස් කුමරි විද්‍යාලය සහ කොළඹ යසෝධරා බාලිකා විද්‍යාලය අතර පළමු වැනි මහ ක්‍රිකට් තරගය හෙට (31 වැනිදා) මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙය කණ්ඩායමක් සඳහා ඕවර 30 කට සීමා වූ තරගයකි. 

විදුහල් දෙකම වසර තුන හතරක කාලයක් තිස්සේ ලෙදර් පන්දු ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන පාසල් දෙකකි. ශ්‍රී ලංකා 19 න් පහළ කාන්තා කණ්ඩායමේ නායිකා මනුදි නානායක්කාර වේල්ස් කුමරි විදුහල් පිල මෙහෙයවන්නීය. විභූෂා වික්‍රමාරච්චි කොළඹ යශෝධරා විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවයි. 

ඉදිරි වසර 5 ක කාලයක් සඳහා මෙම විදුහල් දෙක අතර මහ ක්‍රිකට් තරග පැවැත්වීමට පාසල් දෙකේම විදුහල්පතිවරු පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සන් කළහ. සංවිධායක මණ්ඩලය ප්‍රකාශ කරන්නේ මේ වසරේ තරගය ඕවර 30 කට සීමා වුවද, හැකි ඉක්මනින් එය ඕවර 50 ක තරගයක් ලෙසින් වෙනස් කරන බවයි. 

 

යශෝධරා බාලිකා විද්‍යාලයීය කණ්ඩායම
විභූෂා වික්‍රමාරච්චි (නායිකාව), සඳිති රණසිංහ, කෞමිණී ජයසේකර, ලිහන්සා ද සිල්වා, තස්මි ෂෙනාරා, අන්ජනා ඉඳුමිණි, පබසරා රණසිංහ, චනුත්මි මල්ලවාරච්චි, ඕෂධී විජේසිංහ, නිර්මාණි මිහිරංගි, ලිහන්සා දිසානායක, අමායා නෙත්මිණි, ඔනාරි විලෝචනා, ශලනි අතුකෝරළ, සදෙව්මා පෙරේරා සහ අනුත්මි සමරවීර

 


වේල්ස් කුමරි විද්‍යාලයීය කණ්ඩායම
මනුදි නානායක්කාර (නායිකාව), විශ්මි සොයිසා, ෂෙහාරා නිරෝෂණී, ශෂිනි පෙරේරා, දිනිති නාගසිංහ, ඉමාෂා චලනි, නෙතුකි කුඩලිගම, කවීෂා පීරිස්, ජනුදි එදිරිසිංහ, හිත්මි ප්‍රනාන්දු, උමයංගනා පීරිස්, නෙත්මි ප්‍රනාන්දු, විනුදි ප්‍රනාන්දු, සනල්කා සේනානායක, රයිනි ද සිල්වා සහ අමාෂා හේරත්, 


අදහස් (0)

වේල්ස් කුමරි - යශෝධරා අලුත් ගමනක් අරඹති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.