Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches සිනෙත් ශතකය පෙනි පෙනී දැවී යයි
නිල් මහ සටන

සිනෙත් ශතකය පෙනි පෙනී දැවී යයි

editorial - 2024 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 145 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (8 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි රාජකීය විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 දැවී ලකුණු 234 ක් ලබා සිටියේය.

 
එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ සිනෙත් ජයවර්ධන හතරේ පහර 13 ක් සමග ලකුණු 92 ක් රැස්කළ අතර ශතකය පෙනි පෙනී තිබියදී ඩැරින් දියේගෝගේ පන්දුවක් හමුවේ අෂේන් පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් ක්‍රීඩාංගණයෙන් ඉවත්ව ගියේය.

 
මුලු ලකුණු සංඛ්‍යාව 2 ක්ව තිබියදී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම පිටියෙන් ඉවත් කිරීමට සාන්ත තෝමස් පන්දු යවන්නන් සමත් වුවද, ඔවින අඹන්පොල (36) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 125 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගීමටද සිනෙත් සමත් විය.

 
ඔවිනගේ ඉනිම හතරේ පහර 5 කින් සමන්විත වූ අතර රමිරු පෙරේරා වේගවත් ලකුණු 23 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. අෂේන් පෙරේරා ලකුණු 51 කට කඩුලු 4 ක්ද, ඩැරින් දියේගෝ ලකුණු 32 කට කඩුලු 2 ක්ද බිඳහෙළමින් රාජකීය කණ්ඩායමේ පිතිකරුවන් පීඩනයට පත්කළහ.

 

සාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 88.2 කදී සියලු දෙනා දැවී 297
(සදෙව් සොයිසා 83, දිනෙත් ගුණවර්ධන 50, මහිත් පෙරේරා 36, තිසෙන් ඇහැළියගොඩ 16, නේතන් කල්දේරා 44, ආකාෂ් ප්‍රනාන්දු 29, රමිරු පෙරේරා 55/4, සිනෙත් ජයවර්ධන 68/4)

 
රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 86 කදී කඩුලු 7 ක් දැවී 234
(සිනෙත් ජයවර්ධන 92, ඔවින අඹන්පොල 36, රමිරු පෙරේරා 23, දිනුර සේනාරත්න 33, නෙත්වින් ධර්මරත්න නොදැවී 29,  අෂේන් පෙරේරා 51/4, ඩැරින් දියේගෝ 32/2)

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


අදහස් (0)

සිනෙත් ශතකය පෙනි පෙනී දැවී යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.