Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches මලියදේව ආදර්ශ - ඉබ්බාගමුව මහ ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමයි

මලියදේව ආදර්ශ - ඉබ්බාගමුව මහ ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමයි

editorial - 2024 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කුරුණෑගල විශේෂ - සම්පත් සෙනවිරත්න)

කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විදුහල සහ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය අතර කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පසුගිය සති අන්තයේ පැවැති මහ ක්‍රිකට් තරගය 12 වෙනි වරටත් ජය පරාජයකින් තොරව අවසන් විය. මලියදේව ආදර්ශ විදුහල් කණ්ඩායම තරඟයේ පලමු ඉනිම ජයගෙන වැඩි ගෞරවය හිමිකර ගත්තේය. 

මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලීය කණ්ඩායම් නායක සිතිජ විජේරත්නගේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහර දීමට මලියදේව ආදර්ශ මහ විදුහල් කණ්ඩායම පිටියහ පිවිසියේය. මලියදේව ආදර්ශ විදුහල් කණ්ඩායම පලමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 233 ක් රැස් කළේය. 

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලීය කණ්ඩායම පලමු දිනය අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 15 ක් ලබා ගත්හ. දෙවැනි දිනයේ නැවතත් පිටියට පිවිසි ඉබ්බාගමුව මධ්‍ය විදුහල් කණ්ඩායමේ පිතිකරුවන් සියලු දෙනා ලකුණු 224 කට දැවී ගියේ තරඟයේ පලමු ඉනිමේ ජය ලකුණු 8 කින් මලියදේව ආදර්ශ විදුහල් කණ්ඩායමට හිමිකර දෙමිනි.

දෙවැනි ඉණිම වෙනුවෙන් පිටියට පිවිසි මලියදේව ආදර්ශ විදුහල් කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 70 ක් රැස් කල අතර දිනය නිමා වූයෙන් තරඟය ජය පරාජයකින් තොරව අවසන් විය. 

තරගයේ දක්‍ෂතම පිතිකරුවා වශයෙන් ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාල කණ්ඩායමේ උප නායක පසිඳු පලීපාන  91 තේරී පත්විය. දක්‍ෂත පන්දු යවන්නා ලෙස මලියදේව ආදර්ශ විදුහලේ සයුරු ජයතිලක 78/5 සම්මාන දිනාගත්තේය. මලියදේව ආදර්ශ විදුහලේ විහඟ විමුක්ති තරඟයේ වීරයා විය. 

 

මලියදේව ආදර්ශ විද්‍යාලය පලමු ඉනිම - ඕවර 79.3 කදී සියලු දෙනා දැවී ලකුණු 233
(විහඟ විමුක්ති 56, මෙතුල් ජයසිංහ 41, රජිත් නවෝද්‍ය 28, මලිත් නෙත්සිරි 65/5, යසිරු ආටිගල 71/4)

ඉබ්බාගමුව මධ්‍ය විදුහල පලමු ඉනිම - ඕවර 96.2 කදී සියලු දෙනා දැවී ලකුණු 225 යි
(පසිඳු පලිපාන 91, දිනෙත් මලීෂ 40, සිතිජ විජේරත්න 37, සයුරු ජයතිලක 78/5)
මලියදේව ආදර්ශ විද්‍යාලය දෙවැනි ඉනිම -කඩුලු 2 ට 70 යි

 

තරඟයෙන් පසු විදුහල් දෙකෙහිම නායකයින් දෙදෙනා සම්මානය අතැතිව. 

ඉබ්බාගමුව මැදි විදුහල් ක්‍රිකට් නායක සිතිජ විජේරත්න, මලියදේව ආදර්ශ විදුහල් ක්‍රිකට් නායක නිපුන් මෙන්ඩිස්, මලියදේව ආදර්ශ මහ විදුහලේ විදුහල්පති දිනේශ් උදිත බංඩාර, ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලීය විදුහල්පතිනී නිරංජලා කොළඹගේ, ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් ඉන්දික සේනාධිපති යන මහත්ම මහත්මීහු ජායාරූපයේ වෙති.


අදහස් (0)

මලියදේව ආදර්ශ - ඉබ්බාගමුව මහ ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.