Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton සවිංක - රනිත්මා ශූරතා දිනති

සවිංක - රනිත්මා ශූරතා දිනති

editorial - 2022 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

නුවරඑළිය නගරසභා ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ විවෘත පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට සවිංක වීරසේකර සමත් විය. රනිත්මා ලියනගේත් විවෘත කාන්තා කේවල ශූරතාව දිනාගැනීම සමත් වූවාය.

විවෘත පිරිමි කේවල අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස ආශිංස හේරත් පරාජය කිරීමට සවිංක සමත් වූ අතර විවෘත කාන්තා කේවල අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස හසාරා විජේරත්න පරාජය කිරීමට රනිත්මා සමත් වූවාය.

නදීෂා ගයන්ති සමග එක්ව වට 2-1 ක් ලෙස රෂ්මි මුදලිගේ සහ ටියානා විදානාරච්චි පරාජය කරමින් විවෘත කාන්තා යුගල ශූරතාව දිනා ගත් බුත්මි ගලගමුව, ඉන් නොනැවතී තුලිත් පල්ලියගුරු සමග එක්ව වට 2-0 ක් ලෙස චමත් ඩයස් සහ නතාෂා ගුණසේකර පරාජය කරමින් මිශ්‍ර යුගල ශූරතාවටද හිමිකම් කීවාය.

තරගාවලියේ විවෘත පිරිමි යුගල ශූරතාව දිනාගැනීමට ලෝචන ද සිල්වා සහ රෙසින්ත ද සිල්වා සමත් වූයේ එම ඉසව්වේ අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස ඔෂාමික කරුණාරත්න සහ තුලිත් පල්ලියගුරු පරාජය කරමිනි.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ අධීක්ෂණය යටතේ මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය නුවරඑළිය වසන්ත සමය නිමිත්තෙන් මෙම තරගාවලිය සංවිධාන කළේය. දින 7 ක් පුරා පැවැති මෙම තරගාවලියේදී ඉසව් 36 ක් සඳහා දිවයින පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 700 කට වැඩි පිරිසක් සහභාගී වූහ.


විවෘත අංශයේ තරග ප්‍රතිඵල

පිරිමි කේවල
සවිංක වීරසේකර විසින් වට 2-1 ක් ලෙස ආශිංස හේතර් පරාජය කරන ලදි. (21/13, 17/21, 21/13)

පිරිමි යුගළ
ලෝචන ද සිල්වා සහ රෙසින්ත ද සිල්වා විසින් වට 2-0 ක් ලෙස ඔෂාමික කරුණාරත්න සහ තුලිත් පල්ලියගුරු පරාජය කරන ලදහ. (21/07, 22/20)

කාන්තා කේවල
රනිත්මා ලියනගේ විසින් වට 2-1 ක් ලෙස හසාරා විජේරත්න පරාජය කරන ලදි. (21/12, 18/21, 21/12)

කාන්තා යුගළ
බුත්මි ගලගමගේ සහ නදීෂා ගයන්ති විසින් වට 2-1 ක් ලෙස රෂ්මි ගලගමුව සහ ටියානා විදානාරච්චි පරාජය කරන ලදහ. (21/19, 20/22, 21/17)

මිශ්‍ර යුගළ
තුලිත් පල්ලියගුරු සහ බුත්මි ගලගමුව විසින් වට 2-0 ක් ලෙස චමත් ඩයස් සහ නටාෂා ගුණසේකර පරාජය කරන ලදහ. (21/14, 21/15)

 


අදහස් (0)

සවිංක - රනිත්මා ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.