Last Update  :  2024-05-03 17:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton සචින් - තිලිනි ඉන්දියාවේදී රන් පදක්කමක් දිනති
ඔඩිෂා සුපර් 100 විවෘත තරගාවලිය

සචින් - තිලිනි ඉන්දියාවේදී රන් පදක්කමක් දිනති

editorial - 2022 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඉන්දියාවේ කටක් නුවරදී පැවැති ඔඩිෂා සුපර් 100 විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ මිශ්‍ර යුගල ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ සචින් ඩයස් සහ තිලිනි හෙන්දහේවා සමත් වූහ. අවසන් මහ තරගයේදී ඉන්දි‍යාවේ එම්.ආර්. අර්ජුන් සහ ට්‍රීසා ජොලි පරාජය කරමින් සචින් සහ තිලිනි එම ශූරතාවට හිමිකම් කීහ.

අවසන් මහ තරගයේ පළමු වට‍ය ලකුණු 21-16 ක් ලෙස ජයගැනීමට සචින් සහ තිලිනි සමත් වුවද, දෙවැනි වටයේදී ඔවුන්ට කරට කර තරගයක් දීමට අර්ජුන් සහ ජොලී සමත් වූහ. තියුණු තරගයකින් අනතුරුව ලකුණු 22-20 ක් ලෙස දෙවැනි වටයද ජයගත් සචින් සහ තිලිනි වට 2-0 ක් ලෙස සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්හ.

‍“ඔඩිෂා සුපර් 100 විවෘත බැඩ්මින්ටන් තරගාවලියදී ශ්‍රී ලංකාවට හිමිවූ පළමු රන් පදක්කම මෙයයි. මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් අපි හුඟක් සතුටට පත්වෙනවා. ඒ් වගේම මේ තරගාවලියට සහභාගි වීම සඳහා සහයෝගය ලබාදුන් සියලු දෙනාටම අපි මේ වෙලාවෙ ස්තුතිවන්ත වෙනවා.” යැයි ජයග්‍රහණයෙන් අනතුරුව සචින් පැවසීය.

“මේ තරගාවලියට සහභාගි වෙන්න කලින් අපි ඉන්දියාවේදීම සයිඩ් මෝදි ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියටත් සහභාගි වුණා. ඒ තරගාවලියෙදි අපි අර්ධ අවසන් පූර්ව වටය වෙනකන් ඉදිරියට ආවා. මේ තරගාවලි දෙකම හුඟක් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගිවන ලෝක ශ්‍රේණිගත කිරීමේ තරගාවලි දෙකක්.” යැයි තිලිනි කියා සිටියාය.

ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික බැඩ්මින්ටන් ශූර බුවනෙක ගුනතිලක, සචින් ඩයස් සමග එක්ව මෙම තරගාවලියේ පිරිමි යුගල ඉසව්වට සහභාගි වූ නමුත් අවසන් පූර්ව වටයේදී මැලේසියාවේ නූර් මොහොමඩ් අස්රියාන් සහ ලිම් කිම් වා හමුවේ පරාජයට පත්වීම නිසා ඔවුන්ට අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනිමට නොහැකි විය.

මෙම තරගාවලි‍යට පෙර ජනවාරි මාසයේදී සචින් සහ තිලිනි සහභාගි වූ සයිඩ් මෝදි ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේදී ඔවුන්ට අවසන් පූර්ව වටයට පිවිසීමට නොහැකි වූයේ අර්ධ අවසන් පූර්ව වටයේදී වට 2-0 ක් ලෙස (27-25, 21-14) ප්‍රංශයේ විලියම් විලේජර් සහ ඈන් ‍ට්‍රාන් හමුවේ පරාජයට පත්වීම හේතුවෙනි.

 

 

-036

 


අදහස් (1)

සචින් - තිලිනි ඉන්දියාවේදී රන් පදක්කමක් දිනති
  • jpc Monday, 31 January 2022 06:39 PM

    ශ්‍රී ලංකාවට සුබපැතුම්..!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.