Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මොරටුව තරුණ ක්‍රිස්තියානි සංගමය අටවැනි වරටත් සංවිධානය කළ කණිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ වයස 13 න් පහළ බාලක සහ බාලිකා ශූරතා දිනාගැනීමට සචින් චමුදිත සහ නිරෝෂනි පීරිස් සමත් වූහ.
වයස 11 න් පහළ සහ 13 න් පහළ තරගකරුවන් 180 පමණ සහභාගි වූ මෙම තරගාවලිය මොරටුව තරුණ ක්‍රිස්තියානි සංගම් ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැත්විණි.
තරගාවලියේ ත්‍යාග ප්‍රදාන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එල්.ආර්. ආරියනන්ද මහතා සහභාගි වූ අතර මොරටුව තරුණ ක්‍රිස්තියානි සංගමයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝද ඊට එක්ව සිටියහ.
තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සදහා වටිනා සිහිවටන, ත්‍යාග, පදක්කම් සහ සහතිකපත් පිරිනැමිණ.
හමීඩියා සමුහ ව්‍යාපාර, එක්සා-බයින්ඩ්, මොරටුව කොමර්ෂල් බැංකුව, එච්.එන්.බී. ප්‍රයිම් ග්‍රාමීන්, නේෂන්ස් ලංකා ෆිනෑන්ස් , පුවක්අරඹ ඒජන්සීස් යන සමාගම් සහ ආයතන මෙම තරගාවලිය සදහා අනුග්‍රහය දැක්වූහ.
තරග ප්‍රතිඵල
■ වයස 11 න් පහළ බාලක
ශුරතාව - හිරුක සහන්මිත්
අනු ශුරතාව - රන්සජ උත්සර කරුණාතිලක
■ වයස 11 න් පහළ බාලිකා
ශුරතාව - අචිනි කාවින්දි ගමගේ
අනු ශුරතාව - ප්‍රමුදි ශේනාරා ප්‍රනාන්දු
■ වයස 13 න් පහළ බාලක
ශුරතාව - සචින් චමුදිත
අනු ශුරතාව - ශෙන් කෞෂල්‍ය
■ වයස 13 න් පහළ බාලිකා
ශුරතාව - නිරෝෂනි පීරිස්
අනු ශුරතාව - අහින්සා උමයන්ගා සිල්වා
|
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.