Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton ශූරයා බුවනෙක : ශූරිය දිල්මි
ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය

ශූරයා බුවනෙක : ශූරිය දිල්මි

editorial - 2021 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ‍්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළ 69 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේ පිරිමි කේවල ශුරතාව දිනාගැනීමට බුවනෙක ගුණතිලකද, කාන්තා කේවල ශුරතාව දිනාගැනීමට දිල්මි ඩයස්ද  සමත් වූහ.

ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා අතින් බුවනෙක ගුණතිලක කුසලාන ලබාගනිමින්..
ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුභ‍්‍රමනියම් මහතා අතින් දිල්මි ඩයස් කුසලාන ලබාගනිමින්..

පිරිමි කේවල අවසන් මහ තරගයේදී තරගයේදී වට 3-0 ක් ලෙස විරේන් නෙත්තසිංහ පරාජය කරමින් වසරේ (2021) ජාතික බැඞ්මින්ටන් ශූරයා බවට පත්වූ බුවනෙක, ඉන් නොනැවතී සචින් ඩයස් සමග එක්ව පිරිමි යුගල අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස විරේන් නෙත්තසිංහ සහ රසිඳු හෙන්දහේවා පරාජය කළේ ද්විත්ව ශුරතාවන්ට හිමිකම් කියමිනි.

කාන්තා කේවල අවසන් මහ තරගය අතරතුර ලකුණු 17/11 ලෙස පෙරමුණ ගෙන සිටි කාවින්දි සිරිමාන්න පාදයේ ආබාධයකට ලක් වුවාය. එම ආබාධ තත්ත්වය හේතුවෙන් ඇයට යළිත් තරගයට අවතීර්ණ වීමට නොහැකි වීම නිසා ඇගේ ප‍්‍රතිවාදී ක‍්‍රීඩිකාව වූ දිල්මි ඩයස්ට ඉන් නිතරග ජයක් හිමිවිය.

මිශ‍්‍ර යුගල ඉසව්වේදී සචින් ඩයස් සමගත්, කාන්තා යුගල ඉසව්වේදී තිළිණි හෙන්දහේවා සමගත් එක්ව තරග වැදුණු කාවින්දි එම ඉසව් දෙකේම අවසන් මහ තරග සඳහා සුදුසුකම් ලබා සිටියාය. කෙසේ වුවත් ආබාධ තත්ත්වය හේතුවෙන් ඇයට එම තරග දෙකටම ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවිය.  

එබැවින් එම අවසන් මහ තරග දෙක සඳහා සුදුසුකම් ලබා සිටි ටියානා විදානච්චි සහ බුත්මි ගලගමුව කාන්තා යුගල ඉසව්වේද, තුලිත් පල්ලියගුරු සහ බුත්මි ගලගමුව මිශ‍්‍ර යුගල ඉසව්වේද ශූරතා  දිනාගැනීමටද සමත් වූහ. ඒ අනුව යුගල අවසන් මහ තරග දෙකක ශූරතා දිනාගනිමින් බුත්මි ගලගමුව මෙවර තරගාවලියේදී ද්විත්ව ශූරතාවන්ට හිමිකම් කීවාය.

ලී නිංග් සමාගමේ අනුග‍්‍රහය යටතේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී දින 7 ක් පුරා පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් සහ කී‍්‍රඩා සමාජ රැසක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 1000 ක් පමණ සහභාගි වූහ.


විවෘත තරග ප‍්‍රතිඵල

පිරිමි කේවල
බුවනෙක ගුණතිලක විසින් තරග වට 3-0 ක් ලෙස විරේන් නෙත්තසිංහ පරාජය කරන ලදි. (21/16, 21/09, 21/16)

පිරිමි යුගල
බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් විසින් තරග වට 2-0 ක් ලෙස විරේන් නෙත්තසිංහ සහ රසිඳු හෙන්ද⁣හේවා පරාජය කරන ලදහ. (21/16, 21/17)

කාන්තා කේවල
කාවින්දි සිරිමාන්නගේ හමුවේ දිල්මි ඩයස් නිතරග ජයක් ලැබීය. (17/11)

කාන්තා යුගල
තිළිණි හෙන්දහේවා සහ කාවින්දි සිරිමාන්නගේ හමුවේ ටියානා විදානච්චි සහ බුත්මි ගලගමුව නිතරග ජයක් ලැබූහ.

මිශ‍්‍ර යුගල
සචින් ඩයස් සහ කාවින්දි සිරිමාන්නගේ හමුවේ තුලිත් පල්ලියගුරු සහ බුත්මි ගලගමුව නිතරග ජයක් ලැබූහ.



අදහස් (0)

ශූරයා බුවනෙක : ශූරිය දිල්මි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.