Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton ශ්‍රී ලංකාවට පදක්කම් 9 ක්
බැඩ්මින්ටන්

ශ්‍රී ලංකාවට පදක්කම් 9 ක්

editorial - 2022 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ඉන්දියාවේ ගුවහටි නුවරදී පැවැති දකුණු ආසියානු කලාපීය කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ කණ්ඩායම් ඉසව්වේ අනු ශූරතාව දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ, කේවල සහ යුගල ඉසව්වලදී රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 7 ක් දිනාගැනීමට සමත් වූහ. 

කණ්ඩායම් ඉසව්වේදී ඉන්දියාව හමුවේ වට 5-0 ක් ලෙස පරාජයට පත්වූ ශ්‍රී ලංකා වයස 15 න් පහළ සහ 17 න් පහළ කණ්ඩායම්, නේපාලය, මාලදිවයින සහ භූතානය යන රටවලට එරෙහිව වට 5-0 ක් ලෙස ජයග්‍රහණ වාර්තා කරමින් වයස් කාණ්ඩ දෙකේම අනු ශුරතාවන්ට හිමිකම් කීවේය. 

වයස 17 න් පහළ බාලක යුගල ඉසව්වේදී ශෙනුක් සමරරත්න සහ පුලින වෙල්ලාලගේද, වයස 15 න් පහල බාලිකා යුගල ඉසව්වේදී නෙත්මි ලියනගේ සහ පවනි ඉලේපෙරුමාරච්චිද ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දිනා දුන්හ. එම ඉසව් දෙකේම රන් පදක්කම් ඉන්දියාව සතුවිය. 

වයස 17 න් පහළ බාලිකා කේවල ඉසව්වේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක් හිමිවිය. සෙසු ලෝකඩ පදක්කම් 5 හිමිවූයේ 17 න් පහළ බාලක කේවල, 15 න් පහළ මිශ්‍ර යුගල, 17 න් පහළ මිශ්‍ර යුගල සහ 17 න් පහළ බාලිකා යුගල යන ඉසව්වලදීය. 

එහිදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනා දීමට ශෙනුක් සමරරත්න සමත් විය. රනිත්මා ලියනගේ සහ වරංගනා ජයවර්ධන ලෝඩක පදක්කම් 3 බැගින්ද, පුලින වෙල්ලාලගේ සහ නෙත්මි ලියනගේ ලෝකඩ පදක්කම් 2 බැගින්ද දිනාගැනීමට සමත් වූහ. 

රිදී පදක්කම් ලාභීන් 
15 න් පහළ බාලිකා යුගල 
නෙත්මි ලියනගේ සහ පවනි ඉලේපෙරුමාරච්චි
17 න් පහළ බාලක යුගල
ශෙනුක් සමරරත්න සහ පුලින වෙල්ලාලගේ 

ලෝකඩ පදක්කම් ලාභීන් 
15 න් පහළ මිශ්‍ර යුගල 
මිහිල ජයවීර සහ නෙත්මි රත්නායක 
17 න් පහළ බාලිකා කේවල
රනිත්මා ලියනගේ 
වරංගනා ජයවර්ධන 
17 න් පහළ බාලක කේවල
ශෙනුක් සමරරත්න 
17 න් පහළ මිශ්‍ර යුගල 
ශෙනුක් සමරරත්න සහ වරංගනා ජයවර්ධන 
පුලින වෙල්ලාලගේ සහ රනිත්මා ලියනගේ 
17 න් පහළ බාලිකා යුගල 
වරංගනා ජයවර්ධන සහ රනිත්මා ලියනගේ


අදහස් (0)

ශ්‍රී ලංකාවට පදක්කම් 9 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.