Last Update  :  2025-08-23 13:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton ශ්‍රී ලංකාව කනිෂ්ඨ ආසියානු බැඩ්මින්ටන් ශූරතාවලියට

ශ්‍රී ලංකාව කනිෂ්ඨ ආසියානු බැඩ්මින්ටන් ශූරතාවලියට

editorial - 2025 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ආසියාවේ රටවල් 19 ක ප්‍රබලතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ඉන්දුනීසියාවේ සෝලෝ නුවරදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලිය අද (18 වැනිදා) ආරම්භ විය. මෙම තරගාවලිය එළබෙන 27 වැනිදා දක්වා පැවැත්වේ. 

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් 10 දෙනා බැගින් 20 දෙනෙක් එක්ව සිටියි. ශ්‍රී ලංකා කණ්ඩායම සමග සහන් සිරිවර්ධන සහ රන්තුෂ්ක කරුණාතිලක මහත්වරු පුහුණුකරුවන් ලෙසත්, චාන්දනී මහත්මිය ක්‍රීඩිකාවන් බාර නිලධාරිණිය ලෙසත් සංචාරයට එක්වී සිටිති. 

ශ්‍රී ලංකාවට අමතරව බෘනායි, චීනය, චීන තායිපේ, හොංකොං චීනය, ඉන්දුනීසියාව, ඉන්දියාව,  ඉරානය, ජපානය, කසක්සතානය, දකුණු කොරියාව, මැලේසියාව, මියන්මාරය, මැකාවෝ චීනය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ වියට්නාමය නියෝජනය කරමින් ක්‍රීඩිකාවෝ රැසක් මෙම තරගාවලිය සඳහා සහභාගි වෙති. 

 


ශ්‍රී ලංකා (බාලක) බැඩ්මින්ටන් කණ්ඩායම 

කෙනත් අරුග්ගොඩ, තිඩස වේරගොඩ, රෙෂාන් දිමුක්වැල්ලගේ, ජනීෂ ද සිල්වා, සෙනුත් පෙරේරා, නෙතිල් තෙව්මික, මනෙත් විජේගුණවර්ධන, පමිත් අත්තනායක, දිනෙව් විමලරත්න සහ තෙනුල් ගනේවත්ත 


ශ්‍රී ලංකා (බාලිකා) බැඩ්මින්ටන් කණ්ඩායම 
රනිත්මා ලියනගේ, සිතුලි රණසිංහ, නෙත්මි රත්නායක, විශ්වනී වන්නිආරච්චි, දිලිනි අම්බලන්ගොඩගේ, ඉසුරි අත්තනායක, සිතුමි ද සිල්වා, විනුති රණසිංහ, යෙනාරා වික්‍රමසිංහ සහ රනුමි මානගේ

 


අදහස් (0)

ශ්‍රී ලංකාව කනිෂ්ඨ ආසියානු බැඩ්මින්ටන් ශූරතාවලියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.