Last Update  :  2024-05-03 15:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මූලික වටයෙන්ම හැලෙති
ලෝක බැඩ්මින්ටන් ශූරතාවලිය

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මූලික වටයෙන්ම හැලෙති

editorial - 2022 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙන 2022 ලෝක බැඩ්මින්ටන් ශූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මූලික වටයේදීම පරාජයට පත් වූහ. එහිදී නිලූක කරුණාරත්න පිරිමි කේවල ඉසව්ව යටතේද, සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක පිරිමි යුගල ඉසව්ව යටතේද තරග වැදුණහ.

කෙසේ වුවත් එහිදී පිරිමි යුගල ලෝක ශ්‍රේණිගත කිරීම්හි 32 වැනි ස්ථානයේ පසුවූ ඩෙන්මාර්කයේ ජෙබ් බේ සහ ලේස් මොලේඩ්ට ඉතා තියුණු තරගයක් දීමට ශ්‍රී ලංකාවේ සචින් සහ බුවනෙක සමත් වූහ. ඒ වන විට ඔහුන් දෙදෙනා පසුවූයේ පිරිමි යුගල ශ්‍රේණිගත කිරීම්හි 94 වැනි ස්ථානයේය.

පිරිමි යුගල ඉසව්වේ මූලික වටයේදී පැවැති එම තරගයේ පළමු වටය ලකුණු 21/11 ක් ලෙස පහසුවෙන්ම ජයගැනීමට ජෙබ් සහ ලේස් සමත් වූහ. කෙසේ වුවත් දෙවැනි වටයේදී ඔවුන් දෙදෙනාට කර කර තරගයක් දුන් සචින් සහ බුවනෙක ලකුණු 21/18 ක් ලෙස එම වටය ජය ගත්හ.

මුල් වට දෙක අවසානයේ කණ්ඩායම් දෙකම වටය බැගින් ජය ගනිමින් 1-1 ක් ලෙස සම තත්ත්වයේ පසුවීම හේතුවෙන් තෙවැනි වටය දෙපිලටම ඉතාමත් තීර්ණාත්මක විය. කෙසේ වුවත් අතිශය තියුණු තරගයකින් අනතුරුව එම වටයෙන් ලකුණු 25/23 ක ජයක් ලැබූ ජෙබ් සහ ලේස් වට 2-1 ක් ලෙස සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්හ.

පිරිමි කේවල ඉසව්වේ මූලික වටයේ තරගයකදී ගෝතමාලාවේ කෙවින් කෝඩන් හමුවේ වට 2-0 ක් ලෙස පරාජය වීම හේතුවෙන් නිලූක කරුණාරත්නගේ ගමන නිමා විය. වීසා ලබාගැනීමේ ගැටලුවක් හේතුවෙන් තිළිණි හෙන්ඳහේවාට මෙම තරගාවලිය සහභාගී වීමට නොහැකි වීම නිසා මිශ්‍ර යුගල ඉසව්වේ මූලික වටයේදී චීන තායිපේ කණ්ඩායමට නිතරග ජයක් හිමිවිය.


තරග ප්‍රතිඵල
පිරිමි කේවල මූලික වටය
කෙවින් කෝඩන් (ගෝතමාලාව) විසින් වට 2-0 ක් ලෙස නිලූක කරුණාරත්න (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදී. (21/18, 21/17)

පිරිමි යුගල මූලික වටය
ජෙබ් බේ සහ ලේස් මොලේඩ් (ඩෙන්මාකය) විසින් වට 2-0 ක් ලෙස සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදී. (21/11, 18/21, 25/23)

මිශ්‍ර යුගල මූලික වටය
සචින් ඩයස් සහ තිළිණි හෙන්ඳහේවා (ශ්‍රී ලංකාව) හමුවේ ලී යංග්ට සහ යැංග් චින් තුන්ට (චීන තායිපේ) නිතරග ජයක්.

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මූලික වටයෙන්ම හැලෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.