Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පදක්කම් 17 ක් දිනති

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පදක්කම් 17 ක් දිනති

editorial - 2024 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

( කටුනායක ටී.කේ.ජී.කපිල )

දකුණු ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකා 15 න් පහළ සහ 17 න් පහළ  කණ්ඩායම්  පදක්කම් 17 ක් දිනා ගෙන පැමිණියහ. මෙම තරගාවලිය මාර්තු 3 වැනිදා සිට 7 වැනිදා දක්වා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්විණ. 

එහිදී වයස අවුරුදු 15 න් පහළ සහ 17 න් පහළ ශ්‍රී ලංකා කනිෂ්ඨ බැඩ්මින්ටන් කණ්ඩායම් එහි ශූරතාවය දිනා ගනිමින් රන් පදක්කම් 2 ක් දිනා ගෙන තිබුණි. මීට අමතරව මෙම ශ්‍රී ලංකා කණ්ඩායම් කේවළ , යුගළ සහ මිශ්‍ර යන ඉසව් වලදී රන් පදක්කම් 9 ක් සහ රිදී පදක්කම් 6 ක් දිනා ගැනීමට ද සමත් වී තිබුණි .

පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා කනිෂ්ඨ බැඩ්මින්ටන් කණ්ඩායම පිළිගැනීම සදහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ නිලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉගෙනුම ලබන පාසැල් වල ගුරු - විදුහල්පතිවරුන්, සිසුන් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන් නෑදෑ හිතවතුන් විශාල පිරිසක් ද පැමිණ සිටියහ .


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පදක්කම් 17 ක් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.