Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton විරේන් අවසන් 16 දෙනා අතරට
ආසියානු ක්‍රීඩා

විරේන් අවසන් 16 දෙනා අතරට

editorial - 2023 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

චීනයේ හංජෝ නුවරදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි බැඩ්මින්ටන් ඉසව්වේ අද (1 වැනිදා) පැවැති දෙවැනි වටයේ තරගයකදී ජය ලබා අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහ සමත් විය. 

මොංගෝලියාව් එන්ඛ්බාත් සුමියාසුරෙන්ට එරෙහිව පැවැති එම තරගයේ පළමු වටය ලකුණු 21-08 ක් ලෙස ජයගත් විරේන්, එහි දෙවැනි වටය ලකුණු 21-16 ක් ලෙස ජයගනිමින් වට 2-0 ක් ලෙස තරගයේ ජය තමන් සතුකර ගත්තේය. 

අවසන් 16 දෙනාගේ වටයේදී චීන තායිපේ ක්‍රීඩක චොවු තියේන් චෙන්ට එරෙහිව විරේන් තරග බිමට පිවිසීමට නියමිත අතර එම තරගය හෙට (2 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.50 ට ආරම්භ වීමට නියමිතය. ඉන් ජය ලැබුවහොත් විරේන්ට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට හැකි වනු ඇත. 

මූලික වටයේදී භූතානයේ ගුරුං අනීෂ්ට එරෙහිව තරග 2-0 ක පහසු ජයක් වාර්තා කරමින් විරේන් දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් අතර එම තරගයේ ලකුණු සංඛ්‍යාව 21-06 ක් සහ 21-14 ක් ලෙස සටහන් විය. 

 


අදහස් (0)

විරේන් අවසන් 16 දෙනා අතරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.