Last Update  :  2024-05-03 15:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton විරේන් - පංචාලි ශූරතා දිනති

විරේන් - පංචාලි ශූරතා දිනති

editorial - 2021 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(ශානුක අරවින්ද)

බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කළ විවෘත ශ්‍රේණිගත කිරීමේ බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි හා කාන්තා ශූරතා දිනා ගැනීමට විරේන් නෙත්තසිංහ සහ පංචාලි අධිකාරි සමත් වූහ. වෙළෙඳ සේවා බැඩ්මින්ටන් සංගම් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී සහ ඔටර්ස් ක්‍රීඩා සමාජ ගෘහස්ත ක්‍රීඩාංගණයේදී මෙම තරගාවලිය පැවැත්විණි.

අවසන් මහා තරගයේදී වට 2-0 ක් ලෙස (21/14, 22/20) දුමිඳු අබේවික්‍රම පරාජය කරමින් විරේන් නෙත්තසිංහ පිරිමි කේවල ශූරතාවට හිමිකම් කීවේය. පංචාලි අධිකාරී කාන්තා කේවල ශූරතාවට හිමිකම් කීවේ අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස (19/21,  21/14, 21/12) රත්මි ලියනගේ පරාජය කරමිනි.  

ඊට අමතරව රසිඳු හෙන්දහේවා සමඟ එක්ව වට 2-1 ක් ලෙස (21/12, 21/18, 21/11) රෙසින්ත ද සිල්වා සහ ශාමික ද සිල්වා පරාජය කරමින් පිරිමි යුගල ශූරතාව දිනා ගැනීමටද විරේන් නෙත්තසිංහ සමත් වූයේය. 

මනූදි මිතාරා සමඟ එක්ව කාන්තා යුගල අවසන් මහා තරගයට සහභාගි වූ පංචාලි අධිකාරිට වට 2-1 ලෙස (16/21, 21/18, 21/17) බුත්මි ගලගමගේ සහ නදීෂා ගයන්ති හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් එම ඉසව්වේ අනු ශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

 තුලිත් පල්ලියගුරු සහ බුත්මි ගලගමගේ වට 2-0 ක් ලෙස ලකුණු (21/16, 21/16) ලෝචන ද සිල්වා සහ රයිනි අබේසිංහ පරාජය කරමින් තරගාවලියේ මිශ්‍ර යුගල ශූරතාව දිනා ගැනීමට සමත් වූහ. සචේන් ප්‍රනාන්දු අවුරුදු 17 න් පහළ බාලක ශූරතාවද, සියත් සේනාරත්න අවුරුදු 19 න් පහළ බාලක ශූරතාවද දිනාගත් අතර වරංගනා ජයවර්ධන සහ සුහස්නි විදානගේ පිළිවෙලින් එම වයස් කාණ්ඩවල බාලිකා ශූරතා දිනාගත්හ.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දීර්ඝ කාලයකට පසු  පැවැති පළමු ශ්‍රේණිගත කිරිමේ තරගාවලිය වූ මෙය, කොවිඩ් මාර්ගෝපදේශවලට අනුකූලව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ අධීක්ෂණය යටතේ පැවැත්විණ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 කට අධික සංඛ්‍යාවක් තරග වැදුණු මෙම තරගාවලියේ අනුග්‍රාහකයා ලෙස එස්‍.එල්‍.ටී. මොබිටෙල් සමාගම කටයුතු කළේය.


තරග ප්‍රතිඵල

පිරිමි කේවල
ශූරතාව - විරේන් නෙත්තසිංහ
අනු ශූරතාව - දුමිඳු අබේවික්‍රම

පිරිමි යුගළ
ශුරතාව - රසිඳු හෙන්දහේවා සහ විරේන් නෙත්තසිංහ
අනුශුරතාව - රෙසින්ත ද සිල්වා සහ ෂාමික ද සිල්වා

කාන්තා කේවල
ශුරතාව - පංචාලි අධිකාරි
අනු ශුරතාව - රනිත්මා ලියනගේ

කාන්තා යුගළ
ශූරතාව - බුත්මි ගලගමගේ සහ නදීෂා ගයන්ති
අනු ශූරතාව - පංචාලි අධිකාරි සහ මනුදි මිතාරා


මිශ්‍ර යුගළ
ශුරතාව - තුලිත් පල්ලියගුරුගේ සහ බුත්මි ගලගමගේ
අනුශූරතාව - ලෝචන ද සිල්වා සහ රයිනි අබේසිංහ

 


අදහස් (0)

විරේන් - පංචාලි ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.