Last Update  :  2025-06-29 21:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton විරෝධතා පරීක්‍ෂණ ප්‍රතිඵල ප්‍රමාදයි

විරෝධතා පරීක්‍ෂණ ප්‍රතිඵල ප්‍රමාදයි

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා අමාතංශය විසින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලවරණයේ නාම යෝජනාවලට එරෙහිව ඉදිරිපත්ව තිබෙන විරෝධතාවලට සම්බන්ධ පරීක්‍ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වන බවට ක්‍රීඩා සංගම් නිලධාරීහූ චෝදනා කරති. ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් තනතුරක් දරණ නිලධාරියකුගේ මිතුරෙකුට එරෙහිව විරෝධතා එල්ල වීම මෙම ප්‍රමාදයට හේතුව බව යයි වැඩිදුරටත් චෝදනා නැගේ.

ලේකම් ධූරයට නාම යෝජනා ඉදිරිපත් කර තිබෙන මෙම තැනැත්තා ක්‍රීඩා භාණ්ඩ අළෙවි කිරීමේ සමාගමක් පවත්වාගෙන යන්නේ යැයි ඔහුට එල්ලවී තිබෙන චෝදනාවයි.

විරෝධතා සම්බන්ධ පරීක්‍ෂණ පිළිබඳව ක්‍රීඩා සංගම් නියෝජිතයන් පසුගිය සිකුරාදා (26 වැනිදා) පස්වරු 3.00 ට දැනුවත් කරන බවට ක්‍රීඩා අමාත්‍යංශය ලිඛිතව දැනුම්දී තිබුණද එම දැනුවත් කිරීම නොකළ බව වාර්තා වේ. එම දැනුවත් කිරීමේ අවස්ථාවට ක්‍රීඩා සංගම් නිලධාරීන් සහභාගි වුවද එහිදී ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරියකු පවසා ඇත්තේ එවැනි දැනුවත් කිරීමකට කැඳවීමක් කර නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් කළ විමසුමේදී ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතා පැවසුවේ තමන් විදේශගතව සිටි බවත් මේ සම්බන්ධයෙන් සොයා බලන බවත්ය.  

බැඞ්මින්ටන් සංගමයේ නිලවරණයට නාමයෝජනා බාර ගැනීම පසුගිය 16 වැනිදා අවසන් වූ අතර එදින පස්වරු 4.00 දක්වා විරෝධතා ඉදිරිපත් කිරීමේ අවස්ථාව තිබුණි. විරෝධතා සම්බන්ධ පරීක්‍ෂණය පසුගිය 22 වැනිදා පස්වරුවේ පැවැත්විණි.

බැඞ්මින්ටන් සංගම් නිලවරණය ලබන ජූනි මස 13 වැනිදා ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවැත්වීමට නියමිත අතර එහි සභාපති ධූරය සඳහා පමණක් නාම යෝජනා 8 ක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

එහිදී හිටපු සභාපතිවරයකු වන සුරාජ් දන්දෙණිය මහතා සභාපති ධූරයට තරග කරන සෙසු හත් දෙනාටම එරෙහිව විරෝධතා ඉදිරිපත්කර ඇති බව ද වාර්තා වේ.

මෙහිදී උප සභාපති ධූර අට වෙනුවෙන් නාම යෝජනා 16 ක් ද, ලේකම් ධූරය වෙනුවෙන් නාම යෝජනට 5 ක් ද ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.

බැඞ්මින්ටන් සංගමයේ පසුගිය මාර්තු මස පැවැති නිලවරණය ක්‍රීඩා අමාත්‍යංශය විසින් අවලංගු කරන ලද අතර අමාත්‍යංශය විසින් මෙම නිලවරණය කැඳවන ලදී.

 


අදහස් (0)

විරෝධතා පරීක්‍ෂණ ප්‍රතිඵල ප්‍රමාදයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.