Last Update  :  2024-05-03 15:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton බැඩ්මින්ටන් තරුව - නිලූක කරුණාරත්න

බැඩ්මින්ටන් තරුව - නිලූක කරුණාරත්න

editorial - 2021 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයා ලෙස බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න හැඳින්විය හැකිය. 1985 වසරේ පෙබරවාරි මස 13 වැනිදා උපන් නිලූක, මේ වන විට 36 වැනි වියේ පසුවන අතර මින් පෙර ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලට මෙන්ම 2016 රි‍යෝ ඔලිම්පික් උළෙලටද සහභාගි විය.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සාර්ථකම බැඩ්මින්ටන් ක්‍රීඩකයා ලෙසද නිලූක හැදින්විය හැකි අතර 17 වරක් ජාතික බැඩ්මින්ටන් ශූරතාව දිනා ඇති ඔහු, සිය ක්‍රීඩා දිවිය තුළ ලොව පුරා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලි 21 කදී රන් පදක්කම් 9 ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගැනීමටද සමත්ව සිටියි.

2000 වසරේ සිට මේ දක්වා තෝමස් කුසලාන, ආසියානු ශූරතාවලිය, ලෝක ශූරතාවලිය, ආසියානු ක්‍රීඩා උළෙල, සුදිර්මන් කුසලාන, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ ඔලිම්පික් යන ඉහළ පෙලේ ජාත්‍යන්තර තරගාවලින්හිදී  ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ඔහු වරෙක ‍ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම් අතරේ 34 වැනි ස්ථානයද හිමිකර ගත්තේය.

ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු ක්‍රීඩකයන් 50 දෙනා අතර වසර එකහමාරක කාලයක් රැඳී සිටි නිලූක, පළමු ක්‍රීඩකයන් 100 දෙනා අතර වසර 4 ක කාලයක් පුරා රැදී සිටියේය. එම කාල වකවානුව තුළ ලොව පළමු 20 දෙනා අතර සිටි ක්‍රීඩකයන් සිවුදෙනෙක් පරාජය කිරීමටද ඔහු සමත් වී ඇත.

2006 වසරේ මෙල්බර්න් නුවර පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ලොව 18 වැනි ස්ථානයේ පසුවූ කැනඩාවේ රොබට් මිල්රෝයි පරාජය කිරීමට නිලූක සමත් විය. ලෝක ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේ පසුවූ ජපානයේ කෙනිචිකෝ පරාජය කිරීමට නිලූක සමත් වූයේ 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදීය.

ඉන් අනතුරුව 2013 සහ 2014 වසරවල පැවැති ඔස්ට්‍රියානු ජාත්‍යන්තර අභියෝග බැඩ්මින්ටන් තරගාවලිවලදී පිළිවෙලින් හොං කොං ක්‍රීඩකයන් වන චැන් යැන් කට් (ලොව 13 වැනියා) සහ වේ නන් (ලොව 9 වැනියා) පරාජය කිරීමටද නිලූක සමත් විය.

- 036


අදහස් (0)

බැඩ්මින්ටන් තරුව - නිලූක කරුණාරත්න

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.