Last Update  :  2024-05-03 17:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton තිදෙනෙක් ද්විත්ව ශූරතා දිනති

තිදෙනෙක් ද්විත්ව ශූරතා දිනති

editorial - 2021 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

නුවරඑළිය නගරසභා ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේදී ද්විත්ව ශූරතා දිනාගැනීමට රන්තුෂ්ක සසිඳු, බුවනෙක ගුණතිලක සහ ඩිල්මි ඩයස් යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

වඩාත් උණුසුම් මුහුණුවරක් ගත් විවෘත පිරිමි කේවල අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස බුවනෙක ගුණතිලක පරාජය කළ රන්තුෂ්ක සසිඳු, සිය ප්‍රතිවාදි ක්‍රීඩකයා වූ බුවනෙක සමග එක්ව විවෘත පිරිමි යුගළ අවසන් මහ තරගය ජයගත්තේ වට 2-0 ක් ලෙස හසිත චානක සහ ක්ලැරන්ස් හෝමර් පරාජය කරමිනි.

විවෘත කාන්තා කේවල අවසන් මහ තරගයේදී රනිත්මා ලිනගේ වට 2-0 ක් ලෙස පරාජය කළ ඩිල්මි ඩයස්, ඉන් නොනැවතී කාවින්දිකා ද සිල්වා සමග එක්ව විවෘත කාන්තා යුගළ අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස බුත්මි ගලගමගේ සහ නදීෂා ගයන්තිද පරාජය කළාය.

රන්තුෂ්ක සමග එක්ව පිරිමි යුගල ශූරතාව දිනාගත් බුවනෙක ගුණතිලක, විවෘත අංශයේ ද්විත්ව ශූරතාවන්ට හිමිකම් කීවේ නදීෂා ගයන්ති සමග එක්ව මිශ්‍ර යුගල අවසන් තරගයේදී වට 2-0 ක් ළහිරු වීරසිංහ සහ මධුෂිකා දිල්රුක්ෂි පරාජය කරමිනි.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ අනුග්‍රාහකත්වය යටතේ මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය සහ නුවරඑළිය දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමය එක්ව නුවරඑළිය වසන්ත සමය නිමිත්තෙන් මෙම තරගාවලිය සංවිධාන කළේය. දින 8 ක් පුරා පැවැති මෙම තරගාවලියේදී ඉසව් 39 ක් සඳහා දිවයින පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 993 දෙනෙක් තරග වැදුණහ.


විවෘත අංශයේ තරග ප්‍රතිඵල

පිරිමි කේවල
රන්තුෂ්ක සසිඳු විසින් වට 2-1 ක් ලෙස බුවනෙක ගුණතිලක පරාජය කරන ලදි. (10/21, 21/19, 21/19)

පිරිමි යුගළ
රන්තුෂ්ක සසිඳු සහ බුවනෙක ගුණතිලක විසින් වට 2-0 ක් ලෙස හසිත චානක සහ ක්ලැරන්ස් හෝමර් පරාජය කරන ලදහ. (21/10 21/12)

කාන්තා කේවල
ඩිල්මි ඩයස් විසින් වට 2-0 ක් ලෙස රනිත්මා ලිනගේ පරාජය කරන ලදි. (21/10, 21/15)

කාන්තා යුගළ
ඩිල්මි ඩයස් සහ කාවින්දිකා ද සිල්වා විසින් වට 2-0 ක් ලෙස බුත්මි ගලගමගේ සහ නදීෂා ගයන්ති පරාජය කරන ලදහ. (21/09, 21/15)

මිශ්‍ර යුගළ
බුවනෙක ගුණතිලක සහ නදීෂා ගයන්ති විසින් වට 2-0 ක් ලෙස ළහිරු වීරසිංහ සහ මධුෂිකා දිල්රුක්ෂි පරාජය කරන ලදහ. (21/14, 21/13)


අදහස් (0)

තිදෙනෙක් ද්විත්ව ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.