වෙළෙඳ සේවා ආධුනික බැඩ්මින්ටන් තරගාවලියේ විවෘත අංශයේ ශූරතාව දිනා ගැනීමට ඩේවිඩ් පීරිස් සමූහ බැඩ්මින්ටන් කණ්ඩායම සමත් විය.
ඩේවිඩ් පීරිස් සමාගම මෙම ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙය වන අතර එම කණ්ඩායම විවෘත අංශයේ ඉසව් පහම ජය ලැබීම කැපී පෙනේ. මෙහි දී චේතක කුමාරසිරි පිරිමි විවෘත අංශයේ ශූරතාවද, ලඛිණි සශිභානි, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන ඉසව් දෙක ද ජය ගනිමින් ශූරතා තුනකට හිමිකම් කීවාය.
චතුරංග මීහවත්ත සහ මල්ෂි ප්‍රනාන්දු ජයග්‍රාහී කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.