Last Update  :  2024-05-03 17:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton ජාතික බැඩ්මින්ටන් සංචිතයට ක්‍රීඩා උපකරණ

ජාතික බැඩ්මින්ටන් සංචිතයට ක්‍රීඩා උපකරණ

editorial - 2021 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික බැඩ්මින්ටන් සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 කට අධික පිරිසකට 'ලී නිං' ක්‍රීඩා උපකරණ කට්ටල බෙදාදීමේ වැඩසටහනක් පසුගියදා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් මූලස්ථානයේදී පැවැත්විණ. කොවිඩ් වසංගත නීති රෙගුලාසි ලිහිල් කළ විගස යළි ජාතික සංචිතයේ පුහුණුවීම් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉහළ මට්ටමේ බැඩ්මින්ටන් පිති, පාවහන් සහ පුහුණුවීම්වලට මෙන්ම තරගාවලි සඳහාද අවශ්‍ය ක්‍රීඩා ඇඳුම් කට්ටල එහිදී පිරිනැමිණි.

ඉහළ මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළුව ජ්‍යෙෂ්ඨ, අතරමැදි සහ කනිෂ්ඨ කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම ක්‍රීඩා උපකරණ බෙදා දීම සඳහා 'ලී නිං' සමාගම නියෝජනය කරමින් සංජීව අකුරැටිය මහතා සහභාගි විය.  ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් එම කටයුතු සිදු කෙරුණු අතර බැඩ්මින්ටන් සංගමයේ ලේකම් මොහාන් විජේසිංහ, භාණ්ඩාගාරික මංගල ගමගේ සහ උපසභාපති පාලිත හෙට්ටිආරච්චි මහත්වරුද එම අවස්ථාවට එක් වූහ.

මේ වසරේ ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඩ්මන්ටන් ශූරතාවලිය සහ 2022 වසරේදී පැවැත්වෙන පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම් තේරීමේ කටයුතු භාරව සිටින තේරීම් කමිටු සභාපති නිරෝෂන් විජේකෝන් මහතාද මේ අවස්ථාවට සහභාගි විය. එහිදී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ පුහුණු හා සංවර්ධන ක්‍රියාවලියට අදාලව ක්‍රීඩාව වෙනුවෙන් සිය දිගු කාලීන කැපවීම සංකේතවත් කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ආචාර ධර්ම පද්ධතියකටද අත්සන් කළහ.

-036


අදහස් (0)

ජාතික බැඩ්මින්ටන් සංචිතයට ක්‍රීඩා උපකරණ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.